Tuesday, 27 July 2010

මිනී මල් පැහයටත් ඉඩ තැබුණු හදවතේ....

                                   ජීවිතේ පිය හසර
                                   සෙනෙහසින් පිය නැගූ
                                   සුවහසක් දරු ලැබූ
                                   සත්‍යයේ පියාණනි..

                                   නේක මල් ගොමු අතර
                                   මිනී මල් පැහැයටත්
                                   ඉඩ තැබුණු හදවතේ
                                   සුවඳ පියුමක් පිපේ..

                                   මිනීවල තුල නිදන
                                   සුපිපි අරවින්දයේ
                                   සියක් පෙති තෙමී යයි
                                   සහස් කඳුළැලි වැටේ..

                                   විශ්වයේ තරු අතර
                                   සුවපත්ව ඔබ පෙනේ
                                   පැහැසරින් ඔබ දිලෙන
                                   සැනසුමක් සිත නැගේ..

(තම තම ණැන පමණින් බ්ලොග් අඩවිය ලියූ අප අතරින් වියෝවුණු කුමුදු ලාල් පින්තු මහතා ‍ වෙනුවෙනි)

4 comments:

  1. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු...ලද දේ හිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු...පොළොවේ මිහි සයනේ ගොඩ නැගුනු මිනිස්සු..කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු" (වසන්ත කුමාර කොබවක)..

    ReplyDelete
  2. තම තම නැණ පමණින් වටහා ගන්නට
    ඔබ දුන් නැණ පහනින් ලද ඒ එළියට
    ණය ගැති අප සැම දුක් සයුරේ ගිල්වන්නට
    හිතුවේ ඇයි මේ ලෙස අපහැර යන්නට

    ReplyDelete
  3. "තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete
  4. එතුමාට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.