Tuesday 31 August 2010

මෙහෙමත් කුහක කමක්..??



                                     අතම දික් කරන් ඉන්නෙ
                                     උඹලනම් කුහකයො
                                     නැගිටල සූට් එකක් දාගෙන
                                     ගෑණු දරුවොත් එක්ක
                                     පලයල්ලකො රවුමක්..

                                     ගිහින් බලපල්ල රටතොට
                                     දියුණු වෙන හැටි
                                     කාර් එහෙමත් දැන් ලාභයි
                                     එකක් අරන් පලයල්ල
                                     අඵත් වරායට නැව් එනව බලන්න..

                                     ඒව නොදැක්ක වගේ 
                                     ඔහොම ඉන්නෙ උඹලගෙ
                                     කැවුතු කුණුවෙලාද බොලව්
                                     ඉරිසියාකාර කුහකයෝ..

11 comments:

  1. නැත්තං යමල්ලකො සෝමාවතී. ඔන්න ආපහු රැස් විහිදිලාලු.
    කොහෙද... මුංගෙ පව්කාරකම.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අම්මෆා ඇත්ත..

    ReplyDelete
  4. රජයේ සේවකයින්ට නම් අනුමත නිවාඩු තියනවා අපිට කොහෙද එහෙමවත් ;-(

    ReplyDelete
  5. මොනව කරන්නත් සල්ලි ඕනෙ.,හැමදාම දාන රුපියල දෙක නැතුව පණහක් සීයක් දාල පලයල්ලකො.උඹල හිඟන්නොද?

    ReplyDelete
  6. යන්ටකෝ බාල්දියක් පොල්කට්ටක් එහෙම අරන්..බැරියැ පුරවන්න්ට වතුර එහෙම ගන්ට පොඩි ආතල් එකක්.....කරදියවර ඉවරයි...අපි යං ඉහළකොත්මලේ.....ඊට පස්සෙ බැරියැ ආයෙම "මටම කිරුළ" බලන්ට යන්ට.....

    ReplyDelete
  7. අර කතන්දර සූරීන් දාලා තිබ්බ කවිය මතක් වෙනව
    "කුහකයි අය්යෙ කුහකයි මේ සමාජය"

    ReplyDelete
  8. මචන්,

    ලස්සනට පද ගැලපිලා තියෙනවා.

    මමත් ලිව්වා ඔයටම ටිකක් සමාන / අසමාන අදහසක්,

    කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ, මම ඔයාගේ කවිය දැක්කේ දැන් (ඔයා ලියල තියෙන්නේ මට කලින්).

    මම ඒක මේකට link කරන්නම්.

    ReplyDelete
  9. මෙහෙව් රටේ තමයි අපිත් ඉන්නේ

    ReplyDelete
  10. ඇති නැති පරතරය තමයි ඉතින්.... සැප ඇත්තො කති බොති ප්‍රීති වෙති

    ReplyDelete
  11. @මාලන්- ඒක ප්‍රශ්ණයක් නෑ. අපි කවුරුත් පොදු දෙයක් එක විදියට දකින්නෙ නැති එකනෙ ප්‍රශ්ණෙ වෙලා තියෙන්නෙ. ඉතින් අපි දෙදෙනෙක්වත් එක විදියට දැකීම කොයිතරම් දෙයක්ද

    අදහස් දැක්වූ සියඵ දෙනාටම ස්තූතියි..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.