Monday 20 September 2010

නිදන උල්පත්..



                                    සුවිසල් පිරිනැමීමකි සෙනෙහස
                                    අනෙකාගේ දෑසේ සතුටම සොයන...

                                    ඒත් තණ්හාව පැමිණී රැක ගනියි
                                    මුඵ මහත් අරටුවම
                                    පුංචිම පොත්ත පමණක් පිරිනැමෙන...

                                    තණ්හාව ආදරයට
                                    ප්‍රතිලෝමව
                                    සමානුපාතිකය ඇතුළත...

                                    ඉතින්...
                                    ආදරයේ උල්පත්
                                    අවදි වන්නේ කෙදිනද?

5 comments:

  1. තණ්හාව ආදරයට ප්‍රතිලෝමව සමානුපාතිකයි?

    ReplyDelete
  2. ප්‍රතිලෝමව?
    කොයි හැටි වෙතත් ආශාවන් ප්‍රහීන කරපු,තණ්හාව දුරු කරපු හිතක ආදරයක් ඇති වෙන එකක් නෑ.

    ReplyDelete
  3. ආදරය කියලා එක සිතුවිල්ලක් නම් කරන්ඩ පුලුවන්ද? සිතුවිලි දාම ගොඩක්... වෙලාවකට තණ්හාව, තව වෙලාවකට අනුකම්පාව, තරහ,....,...; සමහර වෙලාවට ඔය කිසි දෙයක් නැති හරිම සැහැල්ලු සුන්දර හැඟීමක්..... ඇත්තටම ආදරය කියල කියන්නෙ මොකද්ද? ඔය ඔක්කොම එකක්ද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.