Friday 29 October 2010

සෙල්ලම් බඩු..



සෙල්ලම් බඩු
සෙල්ලම් බඩු බව දැන
අතහරිනව උඹ
ලොකු වුණාම..

ලොකු වුණාමත්
ආයෙමත් බදා ගන්නෙ
සෙල්ලම් බඩු වුණත්
මුල් වතාවේ වගේ
එපා වෙන්නට තරම්
ජීවිතේ කාලය
හරි කෙටියි..

ළදරුවන් අතරෙහි
ළදරුවෙක් ලෙසම උඹ
මියයන්න නියමිතයි..



4 comments:

  1. තෘෂ්ණාව තමයි සේරටම මුල් වෙන්නේ.

    ReplyDelete
  2. තන්හාය ජායතී ශෝකෝලු

    ReplyDelete
  3. මේක නියමයි නේ බොස්.
    (රිමෝට් එකෙන් කාර්වල දොරවල් අරින දොස්තර මහත්තුරු මතක් උනා)

    ReplyDelete
  4. හරිම ලස්සන අදහස යාළු

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.