Sunday 12 December 2010

පෙරහන්කඩක් සොයනෙමි..



පෙරහන් කඩක් සොයමි
පෙරාගන්නට
ආදරය වෙන්කර
නුරාවෙන්, ඉරිසියාවෙන්
හිමිකර ගැනීමේ
නොතිත් ආශාවෙන්
බියෙන් සහ තරහින්..

එතෙක් ආදරෙයි යැයි කියමි
එහෙත් ආදරයෙන් නොවෙමි..


12 comments:

  1. නියමයි මචෝ........
    කාලෙකින් ආවේ මේ පැත්තේ...
    මරු නිසඳැස.......

    ReplyDelete
  2. කියන්න දෙයක් නෑ ආයෙ නියමම නියමයි.

    ReplyDelete
  3. මේ කියන දේවල් පෙරලා ගත්තොතින් ආදරය ලෞකික නොවී ලෝකෝත්තර වේවි නේද.. නිර්මාණය හැමදාමත් වගේ උපරිමයි සහෝ...

    ReplyDelete
  4. මිලදී ගන්නට ඇත්දැයි නොදනිමි
    උත්සාහයෙන් වියාගත හැකියැයි දනිමි

    පදපෙලේ වෙනස ගොඩාක් සිත්ගත්තා, ජය.

    ReplyDelete
  5. ඔය පෙරහන්කඩ හොයා ගන්නවට වඩා හොඳයි හොයා නොගන්න එක :)
    මොකද ඕකෙන් පෙරුවට පස්සෙ කවුරුත් ඉතිරි වෙන එකක් නෑ

    ReplyDelete
  6. ඕවා ටික පෙරලා ගත්තාට පස්සේ ආදරය ආදරය හැටියටම තියේවිද?

    ReplyDelete
  7. පෙරහන් කඩ හොයන්න එපා සහෝ. ඔන්න ඔහෙ ආදරෙයි කියලා කියන්න
    "දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ........දරය කරනු මිස"

    ReplyDelete
  8. තියේවිද හොයාගන්නට
    එහෙව් ආද‍රයක්
    ආද‍රයෙන් ආද‍රෙයි කියන්නට.

    ReplyDelete
  9. ඇත්තටම යාළු හරිම අපූරුයි

    ReplyDelete
  10. හපොයි.... උඹ ඔය වෙන මොකද්ද හොයන්නෙ...
    ආදරය කියන්නෙ ඔය සේරම එක්ක....
    ඒකට පාඩුවේ තියෙන්න ඇරලා ඕක පෙරලා ගත්තු දාක වෙන නමක් දාගනිං......

    ReplyDelete
  11. saththakinma aththa....lassana nirmanayak.

    ReplyDelete
  12. සිතම මිස වෙන කුමන පෙරහනද?
    මැණික්(සුළඟ)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.