Thursday 23 December 2010

මම විතරද සුරා මතින්..?



                            සුචරිතයෙන් මත් වූ සීයාද
                            භක්තියෙන් මත් වූ අත්තම්මාද
                            දේශපාලනයෙන් මත් වූ පියාණන්ද
                            උගත්කමින් මත් වූ මෑණියන්ද
                            ධනයෙන් මත් වූ අයියාද
                            උඩඟුකමින් මත් වූ අක්කාද
                            තනතුරෙන් මත් වූ මල්ලීද
                            ප්‍රේමයෙන් මත් වූ නංගීද..


                            සුරාවිතින් මත්වන මට
                            දොස් නගයි හැමදාම..???

14 comments:

  1. තම මතේ රහ දන්නේ තමන් විතරක්ම නොවැ.

    ReplyDelete
  2. හොඳ වෙලාවට අම්මා මත් වෙලා නැහැ. ආයෙ කවිය වෙනස් කරන්න ඔට්‍ටු නැහැ හොඳද.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. @ හපොයි තාත්ත දෙපොලටම වැටිල වැරැදීමකින්. මේක නිවැරැදි කරන්නම වෙනව. නැත්නම් කියවන අයට වැරැදි වැටහීමක් ඇතිවෙයි.

    ReplyDelete
  4. හිහ්.... නියමයි............. :D

    ReplyDelete
  5. ඔය කොහොම මත් වෙලා හිටියත් පිටට පේන්නේ නැති සීන් එකක් තියෙනවානේ. ඒවට වඩා සුරාමතින් මත් වුනාම පේනවා නෙව.

    අනික ඔය මත් වීම් වෙලා ඉන්න අය ඒක පිළිගන්නත් කැමති නෑ සුරාමතින් ඉන්න අය වගේ. නැද්ද මං අහන්නේ?? හික් හික්

    ReplyDelete
  6. හි හී ළමයගේ කතාව ඇත්ත. බලන්න සුරා මතින් ඉන්න කෙනෙක්ගෙන් බීලාද කියල ඇහුවොත් ඒකා ක්ෂණික "ඔව්" කියනවා. ඒත් අනිත් අය එහෙම නෑ

    ReplyDelete
  7. කතා කරපන් බන්. අපිට තමයි හැමෝම ඇඟිල්ල දික් කරන්නේ. උන්ගේ විසූක දස්සන හැමෝටම කමක් නැහැ.

    ReplyDelete
  8. නියමයි :)
    ඔය කොයිකෙන් මත් උනත් එකයි නං තමා

    ReplyDelete
  9. අපුරුයි... කාලෙකින් ආවෙ. මෙවා දකින්නෙ කියවන්නෙ දැකිය යුතු මිනිස්සු නොවිම කණගාටුවක්.

    ReplyDelete
  10. තම තම මත තමා මත

    නියමයි මචන්.

    ReplyDelete
  11. උපරිමයි.... ගොඩක් අයට කියන්ඩ ඕනෙ වෙලා තිබ්බ, ඒත් කියාගන්ඩ බැරුව හිටපු දෙයක් කියල තියෙන්නෙ...

    ReplyDelete
  12. මේක නම් මරු. ළමය කිව්ව වගේ අනික් එව්වො ඒක පිලිගත්තෙ නැතුවට අපි වගේ මත් වෙන අහ්ංසකයොන්ගෙ ඔය බොරු නැහනේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.