Thursday 30 December 2010

හිස් මිනිසෙකු වෙම්...



                                මම "මගෙන්" පිරී ගොස්
                                සිටින කල මා තුළින්
                                නොගැයුනෙන් කිසි විටෙක
                                ජීවිතේ සුර ගීය


                                වෙමින් වස් දණ්ඩක්ව
                                විවර වුණු හිස් බවට
                                මම "මගෙන්" හිස් වුණෙම්
                                කිසිවකින් නොපිරවුණු

                                ඉදින් එනු මැන සබඳ
                                සුරගීත සුගායන
                                ගයනු මැන ඒ තුලින්
                                ජීවිතෙන් මුසපත්ව ..

7 comments:

  1. මම මගෙන් හිස් වෙන්න තියනවනම් ,හරිම ලේසි වෙයි ජීවිතය.නියමයි මචන්.

    ReplyDelete
  2. ලස්සනයි ...නියමයි

    ReplyDelete
  3. එහෙම හිස් වෙන්න පුළුවන් නං ඉතින් ...... හ්ම්ම්ම්

    ReplyDelete
  4. වස් දණ්ඩ වුනේ නම්
    නැගෙන ඒ ප්‍රතිරාව
    සුරගීතයක්ම මිස
    වෙන කවර ගී වේද?
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. සමස්තයම විඳින්න නම් හිස් වෙන්නම ඕනෙ.
    ඒත් ඉතින් මේ අපි පුරුදු වෙලා තියන විදිහනෙ මචන්. වැඩේ ලේසි නැහැ.
    නියමයි පද පෙළ.

    ReplyDelete
  6. හරි අපූරුයි යාළු

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.