Tuesday 25 January 2011

ගරු බුහුමන් නුඹට උරුම.



දියණියනි, මා ළබැඳි නුඹ
ගගනත සොඳුරු තරුවකි
දෑ රඟමිණකි පොළොවත
විකසිත මලක සුවඳකි..

දිව්‍යමය සොම්නස
ගලන තුඟු සිරසක
නැවුම් වූ උල්පතකි
හිසනමා ගරු කරමි
නුඹ තුළ ඒ
පියවි සොම්නසට..

නුඹ සිටින ඉසව්වෙන්

බෝ දුර පැමිණ අද
පියවි සොම්නස ලෙස
කුණු කඳු හිස දරණ මට
ගරු නොකරන්න
දියණියනි,
පියෙකු වූ පමණින..

6 comments:

  1. හිසනමා ගරු කරමි
    නුඹ තුළින් ගලා ආ..
    රමණීය වදන් වල තැවරූ
    මරණීය සත්‍යයට !

    ReplyDelete
  2. පොඩි ප්‍රශ්නයක් තියනවා

    පුංචි කාලෙ තරං අපි දැන් ලස්සන නෑ..
    අපි ලස්සන වෙන්න හැදුවොත් අපිට පැවැත්මක් නෑ..
    ඒ නිසා කුණු ගඳ ගැහුවට අපි වැරැදියි කියන්නමත් බෑ..
    දරුවෙක්ට පියෙකුගෙන් වෙන්න ඕනෙ යුතුකම් ටික වෙනව නං ඒ දරුවා තාත්තට හිස නමන්න ඕනෙ..

    ReplyDelete
  3. පියවි සොම්නස ලෙස
    කුණු කඳු හිසට දුන්
    අප වටා ඇති ලෝකය ....!!!
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. harima apuru nirmanayak...obata jaya!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.