Saturday 19 February 2011

සිතුවිල්ලක් නොමැති තැනක..


අල්පෙනෙත්තක්වත්
පොළොවෙ ගහල
මේ නිහඞ බව 
දෙදරවන්න
බෑ හිතෙන තරම් සිත
හිස් බවක ගිලුණම
මම හරිම ආශයි 
ඒ බියකරු නිහඞ බවට..

එරී ගොස් නිහඞතාවේ
සිතුවිල්ලකට අරමුණක් නැතිව
සිතුවිලි ඉල්ලා වෙව්ලන
මගේ හිතටම මම හිනාවෙමි
කුරිරු ආශාවක වෙළී..

මූසල හිස්කමට 
පමණක් මාව
පුරවා දමන්නට
ඉඩ දෙන්න කැමැතියි
ලස්සනට
කිසි ශබ්දයක් ඕනෑ නෑ
ඇතුළතින් හා පිටින්..

2 comments:

  1. සිතුවිලි ඉල්ලා වෙව්ලන
    මගේ හිතටම මම හිනාවෙමි
    කුරිරු ආශාවක වෙළී.. ????

    ReplyDelete
  2. හිස්කම ඇතුලෙත් අපිට නොදැනෙන්න සිතුවිල්ල පවතිනවා කියල මට හිතෙනව. සමහර විට හිස්කම මැවෙන්නෙත් සිතුවිල්ලක් ඇතුලෙ වෙන්න පුලුවන්. අනේමන්ද?

    කොහොම උනත් අපූරුවට ලියවෙච්ච මේ පදපෙළත් එක්ක විස්තර කෙරෙන මොහොතට ආසන්න වෙන්න මම උත්සාහයක් අරගත්තා. ඒ තුළින් හොඳ විඳීමක් ලැබුව.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.