Tuesday 12 July 2011

ගල් වඩුවන් ඕනෑකර තිබේ..




රිදවා නොයෙක අයුරින්
කපා ගල් කටුවෙන 
ගොරහැඞි පෙනුම වෙන්කර
සැඟවුණු සොඳුරු සෙල් රූ
මතුකරනු හැකි 
අසුන්දර කඵ ගල්වල

ඕනෑකර තිබේ
සොඳුරු ගල් වඩුවන්
කවදාටත් වඩා අද..

16 comments:

  1. ගල් බෝර නම් අඩුවක් නැතිව ඇත ..

    ReplyDelete
  2. සෙල් කුලකට පණ දෙන්නනම් ගල් වඩුවෙක් හොයාගන්න බෑ.සෙල් පිලිමෙකටත් සම්බුව දෙන්නනම් දන්න වඩුවෝ හතර අතේ.

    ReplyDelete
  3. කටුක ගොරහැඩි වුවත්
    චිරාත් කලකට නොසැලී උන්නා
    නමක් නැති මේ ගල් කුළු

    මොකට සොයනුව ගල් වඩුවන්
    පාරිශුද්ධත්වයේ පිළිම සාදා
    වන්දනාවේ යෙදෙන්නද?
    මල් පහන් ගෙන
    දක්කවන්නද
    දනන් උන් වට

    පාරිශුද්ධ මතුපිට මත
    දිය සෙවෙල් බැඳෙන විට
    ආවඩන්න ද
    ගුප්ත බලවේගයකට
    අඩමසක් දෙවි වෙස් ගත්
    යක්ෂාත්මයකට
    ශක්තිමත් කරවන්නද
    කාගේ හෝ දෑතක්

    ඔන්න ඔහේ තිබුනාවේ
    ගල් කුළු
    චිරාත් කලකට නොසැලී
    නමක් නැතිව

    ReplyDelete
  4. ගල් වඩුවාණෙනි,
    හැකිද නෙලන්නට සොදුරු මිනිසෙකු....
    ඒත් ගල් සිතක් නොමැති???

    ReplyDelete
  5. අසුන්දර කළුගල් තුල
    සොඳුරු රූ හැකිනම් දකිනු
    සත්‍යයේ නාමෙන් පිදු දිවි
    උන්ගේ පිළිරූ වෙනු ඇති..

    ReplyDelete
  6. ඔහොමම තිබුන නම් හොඳයි කියල හිතෙයි පස්සේ උඹට... :D

    ReplyDelete
  7. අනිවාර්යෙන්ම ගල් වගේ හිත් වෙනස් කරන්නත් ඒ වගේම ගල්වඩුවන් ඕනෑ කර තිබේ !!!!

    ReplyDelete
  8. කොතරම් ලස්සනට පිලිම නෙලුවත්...ගල් වඩුවට බෑ නේද....ඒ පිලිමෙට ලස්සන හදවතක්..නෙලන්න.

    ReplyDelete
  9. වැඩිපුරම තියෙන්නේ ගල්පිලිම සහ බොල්පිලිම තමා

    ReplyDelete
  10. බලාගෙන වඩුවන් කෙසේ වෙතත්...
    ඔය ගල බේර ගන්න බලාගනින්....

    ReplyDelete
  11. හරිම ලස්සන නිර්මානයක් ..

    ReplyDelete
  12. නොමැත සමතුන්
    මුදු කරන්නට සෙල්
    එද
    සොඳුරු සෙල් පිළිම බිඳ
    රුවන් මිණි හද පාරවන්නට
    කොතෙක් වඩුවන් ඇත්ද?

    එක අතකින් බැලුවහම, ඇත්තම ගිරි කුළක් දුටුවිට කැටයම් ශිල්පියකුට හිතෙනවා ඇති, මෙතැන මෙහෙම පිළිමයක් නෙළුවැහැකියි කියලා.

    යහපත් ගුරුවරයෙකුට, අණක් ගුණක් නැති සිසුවෙකු දැක්කහම හිතෙනවා ඇති, මේ මේ විදිහට කපාකොටා මේ ළමයාගෙන් හොඳ පුරවැසියකු බිහි කළ හැකියයි කියා.

    සොරෙක්, කුඩ්ඩෙක්, ගණිකාවක්, පාර වරද්දාගත් කෙනෙක් දැක්කහම, සමාජයට යහපතක් කරන්නට වෙහෙසෙන කෙනෙකුට හිතෙනවා ඇති, මේ මේ විදිහට මේ තැනැත්තාව වෙනස් කර, සොඳුරු මිනිසෙක් තැනිය හැකියයි කියලා.

    ඒ ඒ විදිහට.

    අපූරු පදගොනුව.

    ReplyDelete
  13. ගල් කුලකින් වුනත් බැරිද බොල් පිළිමක් හදන්න?

    ReplyDelete
  14. @කතන්දර
    තවත් මොකටද බොල් පිළිම?

    ReplyDelete
  15. අපේ පොලි ටික්කෙකුට ඔතනට ඇවිත පොඩි කතාවක් කරන්න කිව්වනං ඔය ගල ඉබේටම පැලෙයි .....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.