Saturday 30 July 2011

මහෞෂධ නුඹ..



රකින්නට තෙද බල
බලකාමී රජුන්ගේ
යුධ උපායෙහි යෙදුණ
උපදේශක,

මහෞෂධ නුඹ
කේවට්ටයෙක්මය..


11 comments:

  1. මහෞෂධ පඬිතුමා කේවට්ටයෙක් වෙන්නේ කොහොමද ? මාරම උපායේ දක්ශ පඬි වරයෙක් නේ. :)

    ReplyDelete
  2. බොරු නම් කියන්න එපා. කේවට්ටයො 100ක් ආවත් මහෞෂධව පරද්දන්නෙ කොහෙද? බුවා දස්සය

    ReplyDelete
  3. සැබෑය සගය
    මහවුසදයින් වෙසින්
    උපදෙස් දී මහරජුන්ට
    රට නැති කරවන්නෝ
    කේවට්ටයෝ මිස
    වෙන කවුරුන්ද ?

    ReplyDelete
  4. කේවට්ටයෝ ගැන නම් හ්ම්... අහලා තියනවා .. ඒත් මට හරිටම මීටර් නෑ .,,

    ReplyDelete
  5. වැරදියි.

    මහෞෂධ කේවට්ටයෙකු නොවේ. කේවට්ටලා අසමත් වූ ඉහල විබාගය ද සමත්තෙකි.

    ප්‍රශ්නය නම් උම්මග්ගය මානව වංශකතාවේ මිනිසත්කමේ ලියවිල්ල ලෙස සැලකීමයි. නැත. එය මහෞෂධලා කෙවට්ටලා මෙහෙයවූ යුධයක් ගැන ලියවුන චක්‍ නොරිස් ෆිල්ම් එකකි.

    ReplyDelete
  6. අනේ මන්දා....

    ReplyDelete
  7. මහෞෂධ පඬිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පඩිරුවනකි...ඒ එදාය.

    මෙදා නම්...මහෞෂධ වෙසින් පෙනී හිදිනා ..කේවට්ටයෝ වැහි වැහැලාය.

    ReplyDelete
  8. පොරට කේවට්ටයා කියන එක හරි නැහැ නේද? මම හිතන විදියට මිනිහ සාධාරණ උපදේශකයෙක්.

    ReplyDelete
  9. මහෞෂධ පණ්ඩිතයන්ගෙ බුද්ධිය කෙසේ වෙතත්, රජාට අවශ්‍ය කුමක්ද, ඒ දේ කෙසේ හෝ ඉටු කරදීම පිණිස අර බුද්ධිය යෙදවීම ගැන මටත් ඒ දවස්වල ඉඳලම ලොකු ගැටළුවක් තිබුණා.
    කෙසේ වෙතත්...
    පිටස්තරයාගේ අරමුණ කියවන්නාව සිතන්නට පෙළඹවීම කියලයි මම හිතන්නෙ. ඒ අරමුණ මේ කෙටි පද තුළින් මනාවට ඉටු වුණු බව කමෙන්ට්ස්වලින් පේනවා.

    ReplyDelete
  10. මේ හැම මහෞෂධයම කේවට්ටයෝ වෙන කාලයක්නේ.

    ReplyDelete
  11. මට තේරෙන්නෙ නැහැ මොකක්ද කියන්න හැදුවෙ කියලා ........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.