Tuesday 16 August 2011

මැට්ටන් අතරෙහි..




හා... මෙන්න මම
මැටි පිඩක් වුණා එහෙනම්
අඹන්න ඔබට ඕනිම
විලාශයකට මාව
ඔය හදවතට
ආදරය දැනෙන විදියට...

ප්‍රශ්ණයක් නෑ මට
පේන්නෙම නැද්ද?
මැට්ටන්ට
හොඳම කාලය දැනුයි

බලන්න ඉතිහාසයම පෙරළා..


13 comments:

  1. ඉතිහාසෙත් අඹපු එකක්... ඉතිං කොහෙද?

    ReplyDelete
  2. කිව්වත් වගේ........

    ReplyDelete
  3. අනේ මොකටද මැට්ටෙක්
    කය මිස සිතක් නැති
    මැණික්

    ReplyDelete
  4. කොල්ලනේ මතක තියාගනිල්ලා මැටිත් වේලුනාම ගල් වෙනවා !! පස්සේ ආයේ වෙනස් කරනව බොරු

    ReplyDelete
  5. අපිත් පතමු හොද පැත්තට අඹන්න කියලා. මොකද වැරදියට ඇබුවට පස්සේ ගල් උනාම ආයේ හදන්න බෑනේ. ඒ නිස හොද විදිහක් කරන්න.

    ReplyDelete
  6. මටත් හිතෙනවා මිනිස්සුන්ට වඩා හොදට, අඹපු රූප වලට හැගීම් දැනීම් දැනෙනවා කියලා.

    ReplyDelete
  7. බලාගෙන මේ දවස් වල මැටි රූප වලිනුත් DNA සාම්පල් ගන්නව.

    ReplyDelete
  8. හැබෑ නේන්නම්,මැට්ටක් වගේ හිටියොත් මිසක ගලක් වගේ ඉඳලා ඉහ බේරාගෙන ඉන්න පුලුවන් කාලයක්යැ මේක.

    ReplyDelete
  9. ඒ ඉතිං මැට්ටෙත් අවසානෙ තමා ......

    ReplyDelete
  10. පැවතීමක් ඇත්තෙ පරිසරයට අනුව ඇඹෙන්නට සූදානම් 'මැට්ටන්ට' පමණි. වෙනස්ව හිතන්නන්ට ඉතිහාසය පුරාම ඇත්තෙ නරක කාලයක්. ලස්සන විමසුමක්.

    ReplyDelete
  11. මැට්ටෝ කියලා නොදන්නා මැට්ටෝ තමා අපිත්

    ReplyDelete
  12. ඉතිහාසේ පුරා
    හිටියෙම මැට්ටෝයි
    දැන් කියලමොන වෙනසක්ද
    රාජසබාවෙත් මැට්ටෝ !

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.