Friday 13 January 2012

මීයන්ගෙන් සහ වේයන්ගෙන්

           



කොන්ක්‍රීට් තහඩුද
දැඩි සිමෙන්ති බදාමද
ටයිල් ඇතුරූ ගෙබිමැති
ලොකු ගෙවල මෙන් නොව,

හුණු, බදාම, මැටියෙන්
ලාභෙට තැනූ නිවසෙක
බිත්ති, පොළොවද මෙළෙකය
අපටද ගුලක්
සිදුරක් තනා විසුමට..

ඉදින් ඒ ගැන
කුමට දුක්වනු තොප
ඒ මුදු මෙළෙක මෙන
හදවත්ද තොප සතු..

කුමට සිහිනෙන් දකිනු
අර ලොකු නිවෙස් ගැන
ගල් කරගන්න ඕනිද
ඔය මෙළෙක හදවත්..

12 comments:

  1. ආවට කමක් නැහැ,,, මේ පුංචි ගේ බිමට සමතලා කරන්නේ නැතුව ඉන්නවලා

    ReplyDelete
  2. අමුතුම අදහසක්.....

    ReplyDelete
  3. වේයෝ මීයෝ නෑයෝ ඔක්කොම එකයි

    ReplyDelete
  4. අපෝ !!! මේ දවස්වල අපේ දිහාවෙත් මී කරදරේ !
    මම නම් මැටි වලින් හදපු පොඩි ගෙවල් වලට මාර ආසයි. ඒවා ඇතිලේ තියෙන සිසිලස ලොකු මන්දිර වල නෑ. ඒ සී දැම්මත් ඒ සිසිලස ගන්න බෑ.

    ReplyDelete
  5. වේයෝ සහ මීයෝ යන දෙවර්ගයම ආහාරයට එක් කරගන්නා ජන කොටස් ගැන ඔයාලා අහලා තියේද ?

    ඇයි අපටත් බැරි එහෙම කරන්න ?

    ReplyDelete
  6. "පිඳුරු සෙවි කළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ!"

    ReplyDelete
  7. පූස කියන එකම තමා කියන්න තියෙන්නෙ!

    ReplyDelete
  8. පූස ගැහුව ඇනේ, නළල මැද්දටම

    ReplyDelete
  9. උන් ඔහොම කිව්වට ඔය කොන්ක්‍රීට් වනාන්තරෙත් උන්ගෙ නෑයො ඉන්නව බං...

    චහ්... සඳරුවගෙ වැඩේ පත්තු වුණොත් ලොයිඩ් අංකල් කියයි...

    '...දැන් තම්බගත්තු මීයන් උඩට ‍සෝස් පොඩ්ඩක් වක්කරල ඒක උඩට කලින් බැදල තියාගත්තු වේයො ටිකක් ලස්සනට ඉහල....'

    ReplyDelete
  10. ඇත්තටම මම කුඩා කාලයේ මේ වගේ නිවසක සෑහෙන කාලයක් ජිවත් වෙලා තියෙනවා. ඒ කාලෙ කූඹිත් හිටියා. වේයොත් හිටියා. මීයොත් හිටියා. අපිත් හිටියා. ඇත්තටම උන්ගෙන් වෙච්චි මහලොකු කරදරයක් නම් මතකත් නෑ.

    ඒකට දැන්.....

    ReplyDelete
  11. ආ... තව පත්තෑයො හිටියා. මදුරුවො හිටියා. ඉඳ හිට පොඩි මාපිල්ලු ගරුඬො වගේ උන් හිටියා. ගෙම්බො හිටියා. ලී කණු වල හදාගත්තු ගුල් ඇතුලෙ රිදෙන්ඩ අනින මැක්කො ජාතියක් හිටියා. රෑබදුල්ලො හිටියා. කඩියො හිටියා. එලියෙ බිත්තිය අයිනෙ වැලි තීරුවෙ බිංකුණ්ඩො හිටියා. හැකරැල්ලො හිටියා. ඉඳහිට දළඹුවො ඇටෑක් කලා. ගේ කුරුල්ලො හිටියා. ගේ වටේ සමනල්ලු හිටියා. බත්කූරො හිටියා. හාවො හිටියා. මේවර ඉබ්බො හිටියා.
    ඔය ගොඩේ අපිත් හිටියා... :D

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.