Friday 20 January 2012

සොයා නොගත් අණ්වීක්ෂය..?



ලොකු ලොකු මිනිසුන්ට
පුංචි මිනිසුන් සතු
ක්ෂුද්‍ර වූ ආත්මය
ලොකු කර දැක ගන්න
අණ්වීක්ෂයක් ?

නිමවන්න තවමත්
අසමත්ය
නොදියුණු විද්‍යාව..

10 comments:

  1. ලොකු ලොකු මිනිසුන්ට
    පුංචි මිනිසුන්ගෙ රුධිරයත්
    උරා බොන්නට
    උවමනා වූ කලක

    සල්ලි දෙයි උන්
    විද්‍යාර්ථීන්ට
    හදන්නට එකක්!

    ReplyDelete
  2. ඇත්ත කථාව....

    ReplyDelete
  3. ඇත්ත කථාව....

    ReplyDelete
  4. එහෙම අන්වීක්ෂයක් තියෙනවා නම් මරු නේ.
    එතකොට පොඩි මිනිස්සුන්ගේ දුක පෙනෙයි නේ.

    පිටස්තරයා අයියා ලෝකය දකින්නේ අපි දකින විදිහට වඩා වෙනස් විදිහකටනේ. ඒකත් මරු.

    ReplyDelete
  5. ලොකු මිනිස්සුන්ට
    කොයින්ද වෙලාවක්
    පොඩි මිනිස්සුන්ගේ
    ක්ෂුද්‍ර ආත්මය
    ලොකු කර බලන්නට
    පොඩි මිනිස්සුගේ
    ආත්මය සූරා කමින්
    ලොකු මිනිස්සු
    සෑහෙන්න කාර්යබහුලයි!

    ReplyDelete
  6. තමන් පොඩි යැයි සිතන මිනිසුන්ට
    ලොකු යැයි සිතන අයගෙත්
    ආත්මය දැක ගන්න
    පුලුවන් වෙයි නේද ඒ
    අණ්වීක්ෂයෙන්ම.
    මැණික්

    ReplyDelete
    Replies
    1. ඔවුන් සැම විටම පොඩි මිනිසුන් ලෙසම තබන්නට සියල්ල සකසන ලොකු අයගේ ආත්මයන් ඇස් දෙකෙන් පෙනෙන විට අණ්වීක්ෂ කුමකටද?
      (තමන් පොඩියැයි සිතන මිනිසුන් කියන වචනය වැරැදියි. ඒක සිතීමක් නෙවෙයි. සැබැවින්ම පවතින තත්වයක්. ලොකු මිනිසුන්ට ලොකු මිනිසුන් ලෙස ජීවත්වීමට පවත්වාගෙන යන තත්වයක්)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ‍ලොකු ලොකු මිනිසුන්ගේ
    පුංචි ආත්ම
    පුළුල්තිරයේ බලන්නට
    ප්‍රොජෙක්ටරයක් හදමුද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.