පිටස්තරයාගේ ලෝකය
- උත්තර භූමියක සිහිනය -
Sunday, 26 February 2012
සමාජවාදියාට...
මිතුර කාලය නෙවෙයි මේ
නුඹ පතන ලෝකයට..
මුදල්, භවභෝග සම්පත්
සැමට සම ලෙස බෙදෙන
ලෝකයක් තැනිය නොහැකිය
අරගල, සටන් අතරින්..
සමාජවාදය නම්
ඇතුළාන්ත ධර්මයකි
හැරෙනු මැන ආපසු
නුඹේ හදවත දෙසට..
සියල්ලන් සම බව
සොයාගනු එතුළින්...
Tuesday, 21 February 2012
හොඳම විකල්පය..
ඉස්සර නම්
පව්කාරයන්ට
අපරාධකාරයන්ට
දඞුවම් දෙන්න
ලෝක ධර්මය හිටිය..
හැම දේම වෙනස් වෙනව..?
ලෝක ධර්මයත්
දැන් හරියට වෙනස් වෙලා
පව්කාරයන්
අපරාධකාරයන්
රකින හැටි අපූරුවට..
සමහර විට
වැඩිවන ජනගහනය
පාලනය කරන්න
හොඳම විකල්පය
ඒක නිසා වෙන්න ඇති..
හැමදේම වෙන්නෙ හොඳට....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)