Tuesday 11 October 2011

වෘක මරණය පතා..




පිපිරෙන්න හදිස්සිව
රතිඤ්ඤා වැලක් අර
හාවුන්ගෙ තිප්පොලේ..

මධුපෙරා සාදයට
බලන් ඇත මුවරැලක්
නිදි වරන් රෑ පුරා..

ලේ රතැස් වැසී යන
ප්‍රීතියේ පණිවුඩය
ගෙනෙන්නට මග බලන්
කුරුල්ලන් ගුවනතයි..

මෘගයින් පණ පෙවූ
වෘකයා අඩපණයි
වියරුහුණු වෘකයින්
වියරු සුසුමන් හෙලයි..


17 comments:

  1. මේ අර ජපුරෙ ඉන්න වැටිල ඉන්න හාදය ගැන වෙන්‍ටෑ...

    ReplyDelete
  2. කා ගැනද මේ කියලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. කොහොම උනත් කවි ටික ලස්සනයි. වෙනදා වගේම නියම කවි සෙට් එකක්.

    ReplyDelete
  3. සිංහල ප්‍රභා කෙනෙක්... ඔව්.. සමහර අයට බොන්න වටින වැඩක් ඒක.

    ReplyDelete
  4. ප්‍රභා නම් එයාගේ මිනිසුන්ට ආදරේ කලාද කොහෙද? මේ මිනිහා ඒකවත් නෑ නේ.

    ReplyDelete
  5. උපරිමයි අයියණ්ඩි උපරිමයි! හැමදේම හැම පැත්තෙන්ම ලියවිලා

    ReplyDelete
  6. කාගැනද කවිය ?

    කවුද මේ කවිපද අස්සේ ඉන්නේ ?

    ReplyDelete
  7. මකුනා ගැන නේද මේ කියන්නේ !!!!!

    ReplyDelete
  8. උපරිමයි..!
    ඒත් හවුන්ගේ මුවන්ගේ සතුට තාවකාලිකයි :)

    ReplyDelete
  9. මෘගයින් පණ පෙවූ වෘකයා අඩපණයි

    මේකත් මාධ්‍ය විජ්ජාවක් කියලා කට කතාවක් දැන් දැන් පැතිර යනවා නේද? වෘකයා සනීපෙට ඉන්නවලු

    ReplyDelete
  10. අර කිවා වගේ ඉතින් හාවුන්ගේ මුවන්ගේ සතුට කී දවසක් තියේවිද දන්නෑ

    ReplyDelete
  11. වෘකයා අඩපන නැත
    ඉන්නේ සිංහ හම් පොරවාන
    ළඟදීම දිව්‍ය අනුහස්ද ලබා ගනු ඇත
    ඉන්පසු ඒවි දිව්‍ය පුත්‍රයකු ලෙස
    යන්ට වේවි හාවන්ට බිලිවෙන්ට
    ස්ව කැමැත්තෙන්ම දේශප්‍රේමය තකා

    ReplyDelete
  12. අහිංසක වුරුකයාව
    මුවෙක් ඇවිදින්
    සපාකාළලු
    අනේ පවු.!

    ReplyDelete
  13. ඉඳල හිටල මෙහෙම තාවකාලික සතුටක් හරි හාවන්ට මුවන්ට ලැබෙන එකත් මදෑ...
    විශිෂ්ටයි....!!

    ReplyDelete
  14. හාවනේ
    රතිඥ්ඥා
    ගහ ගනිවු
    තොපේ ...

    - වෘකයා [ජපුරේ සිටය]

    ReplyDelete
  15. හාවෝ,හංගගනින් රතිඤ්ඤා ,වෘක රැල ගෙනියන්න තවත් නායක රැලක් මග බල බලා ඉන්නේ.

    ReplyDelete
  16. එක වෘකයෙක් නැතිවුනාම තව කීයක් එයිද? රතිඥ්ඥා පත්තු කිරිල්ල පැත්තක තියල හාවුන්ට බැරි හැටි වෘකයෝ එන මාර්ගය අහුරන්න.
    මැණික්

    ReplyDelete
  17. ඉවර වෙන දෙයක් නෙමේ ......
    ලස්සනට ගලපලා තියනවා .....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.