Tuesday 21 February 2012

හොඳම විකල්පය..



ඉස්සර නම්
පව්කාරයන්ට
අපරාධකාරයන්ට
දඞුවම් දෙන්න 
ලෝක ධර්මය හිටිය..

හැම දේම වෙනස් වෙනව..?
ලෝක ධර්මයත්
දැන් හරියට වෙනස් වෙලා
පව්කාරයන්
අපරාධකාරයන්
රකින හැටි අපූරුවට..

සමහර විට
වැඩිවන ජනගහනය
පාලනය කරන්න
හොඳම විකල්පය
ඒක නිසා වෙන්න ඇති..

හැමදේම වෙන්නෙ හොඳට....

13 comments:

  1. හැමදේම වෙන්නෙ හොඳට :)

    දුබලයා යට කරන් ප්‍රබලයා ඉස්මතු වීම.. ස්වභාව ධර්මයේ නීතිය. :)

    ReplyDelete
  2. ඔව් සම්පූර්ණ ඇත්ත, මේ වෙනකොට සියළු ලෝක ධර්මතා වෙනස් වෙලා, පව් කාරයන්, අපරාධකාරයන් අපූරුවට ජීවත්වෙනවා, නිවැරදි මිනිසුන් අකාලේ අපට අහිමි වෙනවා.

    අදහසට ගැලපෙන්න නිමා කළ කවි සිතුවිල්ල අගෙයි.

    ReplyDelete
  3. //හැමදේම වෙන්නෙ හොඳට....//

    මට නං එහෙම හිතෙන්නේ නෑ.....

    ReplyDelete
  4. එහෙම හිතන එකත් අපරාධයක්

    ReplyDelete
  5. හැමදේම වෙන්නෙ......... O.o! අනේ මන්ද!

    ReplyDelete
  6. ලෝකෙට හිනාව දාගෙන
    පෝයට පන්සල් යන
    මුදලට මරන
    මිනීමරුවෙක් වෙයන්
    ජීවිතේ හොඳට ගැටගහගන්න

    හැමදේම හොඳට වෙනවනම්
    මොකට තැවෙනවද...

    ReplyDelete
  7. ලෝකධර්මෙවෙනස්වෙලා නෙමේ අපි වෙනස්වෙලා නැතිකමද මන්දා

    ReplyDelete
  8. ලෝක ධර්මේ කියල කියන එකයි හැමදේම සිද්දවෙන්නේ හොඳට කියන එකයි තමයි අපිට කෙළවන්නේ. ඔය දෙකම බුද්ධ දර්ශනයට පටහැනියි.. ජීවයේ උපතේ ඉඳන් අරගලය නිසයි මනුස්ස පරිනාමය ඉස්සරහට ගියේ.. එක සමාජ පරිනාමයටත් එහෙමම වලංගුයි.. මිනිස්සු බුදි.. ඉතින් ලෝක ධර්මේ මොනවා කරන්නද ? ලෝක ධර්මේත් බලන් ඉන්නේ මිනිස්සු නැගිටලා වැරදි හදන්නේ කවද්ද කියල.

    ReplyDelete
  9. හ්ම් දැන් අපිට එහෙම හිතන්න තමයි වෙන්නේ..

    ReplyDelete
  10. ලෝක ධර්මය...මේ දවස් වල ශේප් එකේ ඉන්නේ.. වෙලාව ආවාම දෙයි.. ලස්සනට ගේම.. හක..හක..

    ReplyDelete
  11. කාලේ වෙනස් තාලේ අළුත් !

    ReplyDelete
  12. "මර්වින් සිල්වාට සම්මානයක්.",පත්තරේ තිබුනේ.

    ReplyDelete
  13. එහෙම හිතන්න තමා වෙලා තියෙන්නේ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.