Wednesday 7 March 2012

සැඟවී ගිය බුද්ධ රශ්මිය



සමිඳුනි, දුටිමි ඔබ
බුද්ධ රශ්මිය මම එකල
පැරැණි විහාර ගෙය
දාගැබ අසල
දැල්වෙන පහන් එළියෙන්
අඩ අඳුර තුළ
බෝපත් සිරි සිරිය අස..

කාලය ඉගිල‍ ගොස් දැන්
දියුණුය විහාරය..

මැරවර ඇමැතිගේ කඵ සල්ලි
නිමකල අලුත් බුදු ගෙය
දනන් සූරාකන
පොළීකරුවන් හා එක්ව
කඵ කඩ මුදලාලිලා
ඉදිකළ බෝධියේ රන්වැට..

සිය ගණනකට එකවර
හිඳ බණ ඇසිය හැකි
මත්පැන් මුදලාලි ඉදිකල
අභිනව ධර්ම මණ්ඩපය..

චිර ප්‍රසිද්ධව ඇති
මත් කුඩු වෙළෙන්ඳාගේ
ධන පරිත්‍යාගය ලැබ
සුදු පිරියම්ව
රෑ පුරා විදුලි බුබුලෙන්
ඒකාලෝක දාගැබ..

ඒ සියල්ලන් මැද
විරාජමාන ලොකු හාමුදරුවන්..?

සමිඳුනි,
ඔබේ ආලෝකය හැරැ
සියඵ දේ එහි ඇත දැන්..
පෙර පුරුද්දට ඒත්
පැමිණෙමි පුන් පෝය දවසට
පෙර කල පන්සලක් වූ
බිම් කඩක් වෙත මම..


9 comments:

  1. මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ. සැදසේතින් එහෙම ධන පරිත්‍යාග කිරීම වරදක් නෑ. ඒ උනාට එහෙම දේවල් කරන්නේ තමන්ගේ නම බබලවා ගන්න නම් ඒක වැරදියි !

    ReplyDelete
  2. ඉතිං එ් කට්ටිය හෙණ අාතල් එකේ ඉන්නව නේ!. අපි කර්පට් වෙවී ඉන්නැද්දි! :/

    ReplyDelete
  3. 'පිටස්තරය' කියන දේ තේරුනා....

    ReplyDelete
  4. ගොඩාක් තැන් ඔහොම තමා.....

    ReplyDelete
  5. කුඩු මුදලාලිලාට දේශමාන්‍ය සම්මාන දෙන උන්නාන්සේලා ඉන්න අබුද්දස්ස කාලේ.

    ReplyDelete
  6. අපූරු අදහසක්... ඇත්තත් ඕකම තමයි ඉතින්..

    ReplyDelete
  7. ඕක තමා වෙන්නේ ඉතින්

    ReplyDelete
  8. වන ගහනින් වැසුණු
    නටබුන්ව ගිය අරණක
    බුදු හිමියනි ඔබ
    වැඩහිඳිනු දුටුවෙමි
    වනසතුන් මිනිසුන්ට වඩා
    යෙහෙකැයි මතුදා
    පාරිලෙයිය වනයට
    ගියදා සේ..

    ReplyDelete
  9. අපේ පංසලත් දැන් මාෆියාවක් වෙලා, බුදු බණ මාකට් කරනවා
    විපරීත යුගේන අබුද්ධස්ස කාලේන...........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.