Sunday 1 April 2012

මාටින් නිමොලර්ගේ අවතාරය






පළමුව ඔවුන් මත්පැන් සිගරට් මත බදු පණවමින් මිළ ඉහළ නැංවීය.
මා මත්පැන් හෝ සිගරට් නොබොන බැවින් නිහඞව සිටියෙමි.


දෙවනුව  ඔවුන් ගෑස් මිළ අසීමිතව ඉහළ දැමීය.
මා ගෑස් භාවිතා නොකරන බැවින් නිහඞව සිටියෙමි.


ඉන්පසු ඔවුන් භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් මිළද අසීමිතව ඉහළ දැමීය.
මා ලාම්පු පත්තු කරන්නේ නැති නිසාත් මා සතු කිසිදු වාහනයක් නැති නිසාත් නිහඞව සිටියෙමි.


ඉන්පසු ඔවුන් බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් රථ මිළ ඇදහිය නොහැකි ගණනකින් ඉහළ දැමීය.
එවැනි කිසිවක් ගැනීමට තරම් මා සතු මුදලක් කිසිදා නොවූයෙන් මා නිහඞව සිටියෙමි.
(මං වැනි හැමෝම වගේ)


අවසානයේ මේ සියල්ලේම හේතුඵල විදියට කන බත්පතටද ඉහළ මිළක් අත්විය.
එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක්ම නොවිණ.
(කන්න බොන්න ඇති සියල්ලෝ දේශප්‍රේමීන් වී සිටියෝය)



13 comments:

  1. ane manda awasane........?

    ReplyDelete
  2. එහෙනම් ඉතින් කවුරු කවුරුත් දේශප්‍රේමී™ වෙන එකයි...

    ReplyDelete
  3. Marata erehiwa negitinna kondata Pana enakam ape jathiyatama ohomama thamai

    ReplyDelete
  4. උං තමා මරන්න අවමත් මම නිහඬව ඉන්න එකනෙ වැඩේ.

    ReplyDelete
  5. නිහඩව හිදිමේ ඵල විපාක..

    ReplyDelete
  6. ඉල්ලන් කන පරිප්පු රසයිනේ..

    ReplyDelete
  7. පද ටැපලිලානෙ.
    දේශප්‍රේමීන් සියල්ලෝම කන්න බොන්න හැකිඅය වී සිටියෝය.

    ReplyDelete
  8. අනී මන්ද අප්ප! කියල වැඩක් නෑ!

    ReplyDelete
  9. "මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක්ම නොවිණි"
    ඔව්, ඒ මුලු මහත් ජන සමාජයම හාමත් වෙලා ඉන්නේ ඒකයි.
    ඉතින් කොහොමද කතා කරන්නේ..?

    ReplyDelete
  10. දැන් යන විදියටනම් ආණ්ඩුවෙන් වේලක් ඇර වේලක් කන්න දෙනවනම් ඔන්න අපිටත් දේශප්‍රේමියෝ වෙනවා.

    ReplyDelete
  11. ඉතිහාසයෙන් පාඩම් උගත යුතු කාලයයි

    ReplyDelete
  12. ඒක තමා නිහඩව ඉන්න එකත් එතරම් හොද නෑ.. මන්දයත් අවසන ඔවුන් අප සොයාද පැමිණෙන බැවිණි..

    ReplyDelete
  13. ලොව සිදුවන හැම දෙයක්ම මීට පෙරද සිදුවී ඇත. ඉතිහාසය නැවත් නැවතත් කරලියට පැමිණෙයි

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.