Thursday 31 May 2012

"මම" වෛරය පිණිස වෙමි..





මැවුම්කරු මා මවා ඇත්තේ
වෛරය සඳහාය
ලෝකය මා සූදානම් කලේ
වෛරය සඳහාය..

මගේ නිශ්චිත ජාතිය
සතුරුය අන් ජාතීන් වෙත
මගේ නිශ්චිත ආගම
හෙලා දැක ඇත අනෙක් ආගම්..

මගේ රට මගේ ගම
මගේ පංතිය හැම විට
ප්‍රතිවිරුද්ධ අන්තයන් වෙත
සතුරු සිතැඟිම මවා දී ඇත..

ආදරය පිණිස කිසිවිට
මැවුම්කරු මා මවා නැත
ආදරය පිණිස කිසිවිට
ලෝකය මා සූදානම් කර නැත..


11 comments:

  1. ("මම" වෛරය පිණිස වෙමි..)
    Bohoma bhayanakayi..
    Eth kavi pela lassanayi..

    ReplyDelete
  2. මම තනියෙන්...
    ඊට පස්සෙ අපි...
    ඊට පස්සෙ අපි දකුණෙ යකෝ
    ඇමරිකාවට එරෙහිව රටවැසියෝ
    ඒලියන්ස්ල ආවොත් පෘථිවි වාසියෝ
    ඔහොම ඔහොම අනන්තෙටම
    මම...

    ReplyDelete
  3. පිළිගනිමි එය අන් කිසිවක්
    නැති බැවින් මට හිමි.
    කරමි සටනක් එඩියෙන්
    සියලු සතුරන් නසන අටියෙන්
    ජය ලබමි දිනෙක ඒ සටනින්
    සොයා ගමි ඉන් පසු ආදරය
    එහෙත් ඔබ නැති කළ
    කුමට එය මට
    තනිව විඳිනට නොහැකි කල
    ඒ ආදරය..

    ReplyDelete
  4. ලියා ඇත උප්පැන්නේ
    ආගම ජාතිය
    කිසිවක් නොදන්නා මුත් පිළිබඳ
    ආගම ජාතිය
    මා ඉපදුනේ බේරාගන්න මගේ
    ආගම ජාතිය
    විනසා දමන්න අනෙක්
    ආගම ජාතිය
    මමය මාගේය
    ආගම ජාතිය!

    ReplyDelete
  5. ම්ම්ම්...වෛරය හොද නැනේ.. ආගම ..ඔනේ නැනේ.. අපි හැමෝටම තියෙන්නේ එක ලේ නේ..

    කවිය ටොප්

    ReplyDelete
  6. බුදුහිමියන්
    සාක්‍ය කෝලිය යුද්දෙදි
    ගත්තේ සාක්යයන්ගේ පැත්තනේ
    කතා ලියපු ඇත්තෝ වරද්දලා !!

    ඒ හින්දා අපි සිවුර ඇඳන්
    මේ ආත්මේ උපන්
    ජාතිය වෙනුවෙන්
    ආගම වෙනුවෙන්
    මරන්න උඩගෙඩි දෙනවා.

    ReplyDelete
  7. වෛර කරමින් ඉන්නට
    කාලය නොමැත එතරම්
    ඇත්තේ මේ මොහොත පමණයි
    මේ මොහොත පමනක්මය!!!

    සුබ උපන්දිනයක් වේවා!!
    පැතුම් ඉ‍ටුවේවා

    ReplyDelete
  8. "මම" වෛරය පිණිස මවල තිබුනත් මැවුම්කාරයගෙන් අයින් වෙලා හරි ආදරය කරන්න 'මම' ට බැරිකමක් නෑනේ...

    ReplyDelete
  9. නහී වේරේන වේරානි...

    ReplyDelete
  10. තව දෙයකට විරුද්ධ වීම අකමැති වීම ඉවර වෙන්නේ වෛරයෙන්මද....?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.