Sunday, 22 July 2012

හිඟන රජෙක් නිසා.. ?





දුටුගැමුණු
හිඟනම රජෙකි
තිබී ඇත්තේ 
එකම එක කඩුවකි..


Saturday, 14 July 2012

සතුරනි ත්‍රස්තවාදිනි,





තොපි නොමැති බිම
පිස්සන් කොටුවකි
පාදඩකම් රජයන
කෙළිමඩලකි..

විරු දනන් අමන වේසෙන්
නැවත උපදින
නිවට වූ තිඹිරි ගෙදරකි..

කාමාතුරයින්
සොර දෙටුවන්
සිය උච්ඡතම රැඟුමේ යෙදෙන
බිහිසුණුම රඟමඩලකි..

නැගිට වරෙව්
සියඵ සතුරනි
ත්‍රස්තවාදිනි..
තොපි නොමැති කල
කාලකණ්නිභාවය
රජකමට වැද
වනසති ශිෂ්ඨභාවය..