Saturday 14 July 2012

සතුරනි ත්‍රස්තවාදිනි,





තොපි නොමැති බිම
පිස්සන් කොටුවකි
පාදඩකම් රජයන
කෙළිමඩලකි..

විරු දනන් අමන වේසෙන්
නැවත උපදින
නිවට වූ තිඹිරි ගෙදරකි..

කාමාතුරයින්
සොර දෙටුවන්
සිය උච්ඡතම රැඟුමේ යෙදෙන
බිහිසුණුම රඟමඩලකි..

නැගිට වරෙව්
සියඵ සතුරනි
ත්‍රස්තවාදිනි..
තොපි නොමැති කල
කාලකණ්නිභාවය
රජකමට වැද
වනසති ශිෂ්ඨභාවය..


7 comments:

  1. හැබෑවට කෝ මේ ත්‍රස්ථවාදය...

    ReplyDelete
  2. අපොයි ඔවු.
    මෙහෙම කාමාතුරයන්ට දැඩි දඩුවම් දෙන්න ඕනා !

    ReplyDelete
  3. ත්‍රස්තවාදයත් අවධානය දිනාගන්න එක කාරණයක් විතරනේ.

    ReplyDelete
  4. සම්පූර්ණයෙන් එකඟයි. දේශපාලන බලය , රැකවරනය, අත තියාගෙන මේක තනිකරම කාමාතුරයන්ගේ පාරාදිසයක් බවට පත්වෙමින් තියෙනවා.

    කාලයක් යුද්ධය තිබුණා. ඒත් දැන් නැහැ ඒ නිසාම දැන් අතේපයේ හිරි ඇරගන්න සල්ලාලයන් බිහිවෙලා.දිය යුතු දඬුවම මොකක්ද කියලා හිතාගන්ටත් බෑ.

    මෙහෙම ගියොත් ආසියාවේ ආශ්චර්යය කෙසේවෙතත් කාමාතුරයන්ගේ , සල්ලාලයන්ගේ පාරාදීසයක් වේවි.

    ReplyDelete
  5. සැටිපිකෙට් ඇත්ත.. ඒ කාලේ බයක් හැකක් නැතුව කෙල්ලකට පාරේ බැහැල යන්ඩ පුළුවන්කම තිබුනා.

    ReplyDelete
  6. ඒ ත්‍රස්තවාදයෙන් මේ ත්‍රස්තවාදයට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.