Saturday 18 August 2012

සොරාගත් කැමැත්ත




මේ ලෝකය 
මා වෙනුවෙන්
මගේම කැමැත්තට
තෝරාගැනීමට කිසිවක් 
ඉතිරි කර තිබුණේ නැත
අවම වශයෙන්
මගේ නමවත්..

ගරු නොකරමි වැඩිහිටියන්ට..


9 comments:

  1. දැන් නමට අකමැත්තෙන්වත්ද?

    ReplyDelete
  2. හෆොයි ඔහොම හිතන්න එපා . .

    මමත් තාත්තෙක් . . .

    දෙමවුපියෝ දරුවෙක් හදන්න ලොකු මහත් කරන්න කොයි තරම් නම් දහදුක් විඳිනවද කියලා තේරෙන්නේ අපිත් දෙමවුපියෝ උනු දාටම තමා . . .

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ..... ඒකත් එක එක අයගේ උවමනාවට එක එක අය කියන අකුරු වලට!

    ReplyDelete
  4. මුල් කාලයේ තමන්ට ආස දෙයක් කරන්ඩ බැරි උනාට දැන් කරන්ඩ ඇහැකි නේ..

    ReplyDelete
  5. වෙලාවට ඒ මිනිස්සු කල්පනා කරලා උඹලට වැදගත් නම් දාලා තියෙනවා. උඹලට නම් දාගන්න දුන්නා නම් පූසා, පිටස්තරයා, තව තව ඔය තියෙන්නෙ ඔය වගේ හැට හුටහාමාරක් නම්. ඒවා තමයි උබලා දාගන්නෙ. උබලා කිව්වාට ඒක මටත් පොදුයි...:)

    ReplyDelete
  6. වැඩිහිටියන් එහෙම කලේ ඔවුන්ගේ රැකවරණය සැපයිය යුතු කාලේ. ඒ නිසා ඒක වැඩිහිටියන්ගේ වගකීමක්. ඒත් ඒසියල්ල නිසි වයස එළඹීමෙන් පසු කළ හැකියි. එවිට ඒ සියලු දේ වල හොඳ නරක වටහා ගත හැකියි.

    ReplyDelete
  7. එන්නෙත් හෙළුවෙන්
    අත් කකුල් වන වනා
    දතුත් නැති කටින්
    හිනාවක් පෙන්නා..
    මෙන්න දැන් කෙරුමෙක් වී
    අපිටත් ගොරෝනවා

    ReplyDelete
  8. ඒක නම් ඇත්තම කතාව තමා..:D

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.