Tuesday 25 September 2012

අස්වාභාවික එළඹුම..






මිනිසුන් නිදන
මේ සීතල උදෑසන
නිසලව ශාන්තව
ස්වභාවය සමගයි..

නොගැලපෙයි
දහස් සිතුවිලි ඇවිලෙන
නොනිදන මසිත
විශ්වය මවන
ස්වභාවය සමග..

අවදි වෙයි මිනිසුන්
මිනිස් කඩහඞ ඇසේ
ඈතින් පන්සලක
ලවුඩ්ස්පීකර් හඞ නැගේ..

ස්වභාවික විශ්වය
නිදිකිරයි ඒ අතර...

6 comments:

  1. කවදාකනම්
    ශාන්ත කරගන්නද සිත
    මේ අටෝරාසියක්
    බාධක මැද

    ReplyDelete
  2. පිරිත අසමින් තුටින්
    රාල රා මුට්ටිය ගෙනයයි
    කුකුලාගේ බෙල්ලට
    සයිමාගේ පිහිය යයි

    තවත් දවසක
    හොරට කිරන්නට
    ජෙමා මුදලාලි
    කඩේ ලෑලිද අරියි..

    ReplyDelete
  3. ජීවිතේ ගෝසාව
    ස්වභාවයට එදිරිව..

    ReplyDelete
  4. වෙනදා ලියැවෙන කවියේ සමාජ දෘෂ්ඨිය අද දකින්න නෑ. කාලෙකට පස්සේ සොබාදහම එක්ක කරපු ගණුදෙනුවක් කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  5. ලස්සන කවි පෙල..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.