Monday 14 January 2013

දෝෂාභියෝගයෙන් ‍ඔබ්බට..





සේදිරිස් අයියේ,
යමන් කුඹුරට
කෙහෙම්මල් කියවිල්ල
වහගනින් දැන්වත්...

ඔය කෙහෙම්මල් නීති
පොඩි අපිට විතරයි බං
බල්ලන් වගේ බැඳලන්න
හරකුන් වගේ දක්කන්න
අපිට විතරයි බං
ඔය කෙහෙම්මල් නීති...

උසාවි, බලුකූඩු, හිරකූඩු
හැමදාමත් තිබුණෙ
උඹලට අපිට විතරයි
දැන් ඔය මොරදෙන
නෝනල, මහත්තැන්ලා
මීක් ගෑවේ නෑ බං
කවම කවදාවත් ඒ ගැන..

ඒ අවනීතියට
අත තියල නෑ බොලන්
ඒව හැමදාමත් තියෙයි
උඹල අපි වෙනුවෙන්...

මොකට විස්සෝප වෙනවද?
යමන් දැන්වත් කුඹුරට
අපි නිකම්ම නිකම්
බයිස්කෝප් නරඹන
කැහැටු ඇටසැකිලි බං...

7 comments:

  1. ඔය අතරෙ ඕන නම්
    අඬ ගැහුවොත් ගිහින්
    රූප පෙට්ටියෙන් පේන්න
    හුරේ දාමු!

    ReplyDelete
    Replies
    1. ඔය අතරෙ ඕන නම්
      අඬ ගැහුවොත් ගිහින්
      රූප පෙට්ටියෙන් පේන්න
      හුරේ දාමු
      වේලක් හරි ශේප් වෙනවනේ!

      Delete
  2. කුඹුරේ යන්නේ කෝමෙයි මං
    අපේ උත්තමයන්ට හුරේ නොදා
    උන් ඔච්චර බරසාරෙට කියවන්නෙ
    මොකක් හරි ලබ්බක් ඇතිනෙ නොතේරෙන, අපිට
    ඔය ගෑණි ඉන්නැද්දි කොරාපු

    අපි වෙනුවෙන් ලේ රස බලාන උගුරෙ
    අපේ උත්තමයො විඳිනා දුක් බලහල්ලකො
    මේ ගෑණි පුටුවෙ රස්නේ බලන්
    හිටියා ඇති නේද, නෝනෙ

    ReplyDelete
  3. ඇත්තම කතාවක්.

    ReplyDelete
  4. සුපිරියි... විය යුත්තේ මෙයයි....

    ReplyDelete
  5. ඇත්ත තමා.
    ඔය හැම නීතියක්ම සාමාන්‍ය එකාට විතරයි. ලොකු ලොක්කන්ට නීති නැති රටක් මේක.

    ReplyDelete
  6. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.