Sunday 10 February 2013

ආදරණීය ජනතාවට..







දිනෙක තොප වෙනුවෙන්
ගැලවුම්කාරයෙකු හෝ
පාවාදෙන්නෙකු වන්නට
වරමක් ලැබේනම්...

සිහසුන් වල තබා
නරුමයන් අදහන
කුණු හදවත් ඇති
තොපට කිම නිවටුනි,
සැබෑ ගැලවුම්කරුවන්..

පාවාදෙන්නා වෙමි,
තොපි සැවොම
මරණයට දක්කන..


8 comments:

  1. මගෙත් අදහස ඕකමයි...

    ReplyDelete
  2. "සිහසුන් වල තබා
    නරුමයන් අදහන
    කුණු හදවත් ඇති"

    බංකොලොත් අදහස් ඇති,
    නිවට ගති පැවැතුම් ඇති,
    අධමයින්
    පයින් පාගා දමන්නට.
    උලේ හිඳුවන්නට,
    මට හැකිනම්,තොපිට
    ඒ දඩුවම දෙන්නට
    එයයි මා ජීවිතයේ ලද
    අති උතුම් භාග්‍යය..!!

    ReplyDelete
  3. මමනං තවම බලාපොරොත්තු අතඇරල නෑ. අඩු ගානෙ ඒලියන්ස්ල හරි එයි ;-)

    ReplyDelete
  4. ගැලවුම්කාරයෝ එන්නේ නෑ... බලාපොරොත්තු වෙලා වැඩක් නෑ...

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත මේ යුගයේ මිනිස්සු අඳුර පෙනිපෙනී අඳුරටම අතවනවා. ඒ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසාද එසේතු නැත්නම් බුද්ධියේ හීන තාවයක්ද යන්න ගැටළුවක්. යම් දිනක ඒබව වටහාගන්නා විට සියලු දේ සිදුව අවසන්ය.
    මේ කවියේ අදහසට එකගවනවා හැර කළ යුතු යමක් නොමැත.

    ReplyDelete
  6. කතාකරල වැඩක් නෑ අනේ....

    ReplyDelete
  7. ඇත්තමයි... ගැලවුම්කරුවෝ වෙලා වැඩක් නෑ...

    ReplyDelete
  8. නරුමයන් පාගා දමා වනසන්නට සිතන සිත්විල්ලේම ඇත්තේ ඒකාධිපතිත්වයයි.

    ගැලවුම්කරුවානන් නම් වූ සංකල්පය තුලම ඇත්තේ පොලොවේ නොගෑවී ඉහලින් විත් පොරක් මෙන් මිදිමේ 'මෙගලොමේනියා' වයි.

    පයබිම ගසන්නේ නම් පැහැදිලිය, එහෙම බේරාගත් ගැලවුම්කරුවන් නොමැති බව. සැබෑ

    තමන්ගේ බුලත් පයියේ හුනු අඩු වූ විටත්, පෝය දවසට බෝතලයක් නැතිවීම නිසාත් සමහරුන්ට ලොවම නසන්නට සිතේ.

    මිනිසුන් ගොඩක් එකට ජීවත් වෙමින් එකම සම්පත් භුක්ති විඳින්ට පටන් ගත් දා සිට මේ ප්‍රශ්නය ඇත. රැකියාවක් නැති එකාට හිතෙන්නේ රැකියාවක් ගැන පමනය. එවෙලාවේ ආන්ඩුවේ රැකියාවක් ලැබුනොත් ඒ මොහොතේ පටන් හිතන්නේ වැඩ නොකර ඉන්නා සැටියි. උගෙන් සේවය ගන්න එන කලින් උගේම ප්‍රතිරූපයට දැන් අව්ෂ්ය මූව උල හිඳුවා මොකද්ද එක ගලවාගන්නටය.

    අනුන්ගේ අනුදැනුමක් නැතුව ඔවුන් ගලවා ගැනීම කළ නොහැකිය.

    ගලවාගත්තාමය කියමු

    ඉතින් ඊට පස්සේ ජීවිතය 'දේ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්' එකක්ද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.