මා සෙවූ 'පරිපූර්ණ'
එළඳ මට හමුවිය...
රඵ ගිම්හානයේ කෙළවර
එනමුදු ඒ වසත් සිහිනය
සුනුවිසුණු වී දැදුරුව
මා අවදි වූයේ..?
ඇයද සොයනා බැවිනි
'පරිපූර්ණ' මිනිසෙකු....
මේක කියෙවුවම මම ගත්ත අදහස වෙනස් උනා කවියෙ මාතෘකාව කියෙවුවට පස්සෙ.
ReplyDeleteඅනුන් තුළම කෙරෙන නිරන්තර සෙවීමක් දැක්ක තමන්ව සෙවීම නොසලකා හැර.
තමන්ම් ව නොසොයා අනිත් කෙනාව සොයද්දී අපිට අපිවම වග හැරෙනවා....මට ඇත්තටම ඒ දේ අවබෝධ උනේ මේ වචන කියෙව්වම...
ReplyDeleteහැමදාම වගේ ජීවිතයට යමක් උකහ ගන්න පුළුවන් නිර්මාණයක් සහෝ
මේක මම ලිව්වෙ පහත දාල තියෙන විදියටයි. ඒත් පෝස්ට් එකට දාද්දි දැම්මෙ අර විදියටයි.
ReplyDeleteසැරිසැරුවෙමි අනන්ත කල්
මගේ සිහින සිතුවම් කල
හැඩරුව හද ගැබෙහි දරා
හමුවන තුරු එළඳ සොඳුරු
රුවෙන් ගුණෙන් සුපොහොසත්ම
ඇය මට හමුවිය මොහොතක
වසත් කලෙක සිහින දකින
රඵ ගිම්හානෙක කෙළවර
මා පැතු ලෙස 'පරිපූර්ණ'
ඈ දුටු සඳ පිනා ගොසින
බැලූ සඳෙහි ඒ හද ගැබ
මගෙ සිහිනය දැදුරු වීය
ඇගේ සිහින තුළ තවමත්
ඇයද සොයා සරයි දසත
මගෙන් ඈත අනන්තයක
'පරිපූර්ණ' පුරුෂයෙක්ව
වචන ගොඩක් නාස්ති කරල කියල හිතුණ නිසයි වෙනස් කරල දැම්මෙ. මම වචන වලට හරි ලෝබයි.
-----පරිපූර්ණ----
ReplyDeleteපවතී ද එවන් කිසිවක් ...මෙලොව.
ඔබට පමනක් නොව, කාටත් තමාව මග හැරී ඇත...
මා ද ඇතුලුව.
මුල් කවියත් එල. හොඳ රිද්මයක් තියනවා.
ReplyDeleteවචන ටිකකින් ගැඹුරක් මතු කරන කෙටි කවි වලට මමත් වැඩිපුර කැමතියි. ඕනෑවට වඩා විස්තර කිරීම්වලින් නිර්මාණයකින් යා හැකි දුර සහ නිර්මාණය රස විඳින්න පුලුවන් විවිධ ආකාර තරමක් සීමා වෙනව කියල හිතෙන නිසා.
හොඳ තේරුමක් තියෙන නිර්මාණයක්. කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ කියල තේරුම් ගත්තු දවසට ජීවිතේ හුඟක් ලේසියි.
ReplyDeleteරවීන් කියල තියෙනව වගේ කෙටි ඒවට මමත් කැමතියි.. ඒ උනාට උඹ මුලින් ලියපු එකත් ලස්සනයි..
ReplyDelete-සෝරෝ
මුල් කවිය ලස්සනයි....
ReplyDeletepost එකට ලීව කවියට වෙන මාතෘකාවක් දැම්ම නම් අගෙයි...
මාර වැඩේ....
ReplyDeleteපෝස්ට් එකේ කවිය ලස්සන නැතිව නොවෙයි. අනේ ඇත්තටම මම නම් කැමති දෙවැනි කවි පෙළටයි.
ReplyDeleteඅපි හැමෝම සර්ව සම්පූර්න අයව හොය හොයා යනව මිසක්, අපෙ අඩුපාඩු හදාගෙන තමන් සර්ව සම්පූර්න වෙන්න උත්සහ කරන්නෙ නෑනෙ කවදාවත්.
ReplyDeleteමුල් පද පෙල ලස්සනයි. දෙවැන්න තුල ඇති සියල්ල එහි ගැබ්ව ඇත.
ReplyDeleteම්ම්ම් කවි දෙකම ලස්සනයි. හැබැයි දෙවෙනි කවිය , ඒ කියන්නෙ පල කරපු එකේ වටිනකම වැඩී. මොකද ඒකෙ අනවශ්‍ය වැල් වටාරම් නෑ. සරලයි. පැහැදිලියි.
ReplyDeleteම්ම්ම් පරිපූර්ණත්වය ගැන මම නං හිතන්නෙ මෙහෙමයි. හැබැයි මම හරිද වැරදිද කියල නං මම දන්නෙ නෑ. තනි තනි වශයෙන් ගත්තාම පරිපූර්ණ මිනිස්සුවත් ගැහැණුවත් ඉන්න විදිහක් නෑ. හැබැයි දෙන්නෙක් එකට ගත්තාම එතන පරිපූර්ණත්වය තියෙන්න පුලුවන්. හිතන්නකො, තමන්ගෙ මනුස්සයා මෙන්න මේ වගේ වෙන්න ඕනෙ කියල, ප්‍රාථමික නිර්ණායක ටිකක් කවුරු හරි ගෑනු ළමයෙක් හදාගෙන ඉන්නවා. ඒ වගේම, තමන්ගෙ බිරින්දෑ මෙන්න මේ වගේ වෙන්න ඕනෙ කියල, පිරිමි ළමයෙක් හිතාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය කුමාරයයි , කුමාරියයි මොකක් හරි වාසනාවකට මුණ ගැහිල, එකිනෙකා තුල තමන් හෙවූ කෙනා ඉන්නව කියල තේරුම් ගත්තයි කියමුකො. අන්න ඒ දෙන්න පරිපූර්ණයි කියල මට හිතෙනවා.(හැබැයි ඉතින් නිර්ණායක මගේ මතයේ හැටියට නම් මූලික දේවල් වෙන්න ඕනෙ. සවිස්තර නිර්ණායක ගැලපෙන අවස්ථා තියෙයි ද කියල නං නොදනිමි තමා.)
අදහස් දැක්වූ ඔයාල සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි.
ReplyDeleteඒ වගේම ස්වප්නා මතු කරන අදහසත් හරි. පරිපූර්ණයි කියල හිතෙන අනුන්ව මනින විදියෙ නිර්ණායකයන් හැමෝම තුල ඇති. එසේම කලාතුරකින් එවැනි අවස්ථාවන් එකිනෙකා හමුවෙන්නත් පුඵවන්. ඒත් මිනිස් මනස සෑහීමකට පත්වෙයි කියලනම් හිතන්න අමාරුයි.
තමන් මනුෂ්‍යත්වය තුළ පරිපූර්ණවීම තමයි වැදගත්.
අපි එහෙනම් එක බෝට්ටුවේ..මාත් වචනවලට හරි ලෝභයි..:)හැමදාම වගේම අද කවියත් නියමයි..!
ReplyDelete