Monday 24 May 2010

අතීතයෙන් අවදි බවට...



මේ මිනීවල තුළ
ජීවත්ව බොහෝ කල්
විඩාවෙන් අවදිවිමි
ජීවිතේ ඇමතුමෙන්...

අපරිමිත නිදහසෙහි
අසිරිමත් ජීවිතය
පණ ගැහෙන රඟ දුටිමි
එසඳ මම හදවතෙහි...

ජීවිතේ නර්තනය
"මේ මොහොත" තුළ පමණි
අභිරහස එපමණයි
විශ්වයම මට කියයි....

5 comments:

  1. ගිනිගත් දේශයක යුග යුග ගනන් සිට
    නැගුනත් හිරු, දෙමින් ආලෝකය අවට
    පිළිවෙත් තුල පමනි ජය, නිතැතිනි රටට
    පෙරුවත් පෙරුම් වෙද නිති නිදහස අපිට

    ගොරතර අනසකට යටවී නැහ සත්තයි
    සමුදුර , අහස හා ගොඩබිම අපි එක්කයි
    උවදුර යළි එබෙන මං වලකා ගත්තයි
    පැහබර අරුනෝදයේ සෙවනැළි දික්වෙයි

    ReplyDelete
  2. ජීවිතය යනු මේ මොහොත පමණයි. සත්‍යය එයයි. එහෙත්.... පෘතග්ජන සිත දුවයි අතීතයටද වර්තමානයටද ජීවිතය සොයමින් යලි යලිත්.

    ReplyDelete
  3. "ජීවිතේ නර්තනය
    "මේ මොහොත" තුළ පමණි"

    අගෙයි..


    -සෝරෝ

    ReplyDelete
  4. ජීවිතය කියන්නේ මොහොතක විඳිමක් පමනයි.
    එක මොහොතක ..බොහෝ දේ වෙනුවෙන් වෙහෙසුනත්..තේ සියළු දේ එක මොහොතකට පමනයි....

    හැමදාම වගේ අළුතින් හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්

    ReplyDelete
  5. අදහස් දැක්වූ ඔබ සිව් දෙනාටම මගේ ස්තූතිය.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.