Tuesday 4 May 2010

එකම වචනය සහ එහි රහස



                                    රංචුව පිටින් රැ‍‍ඳෙමින
                                    අතුඉති පුරා කදිමට
                                    එකම වචනයකට කොටුව
                                    මොරදෙයි නිබඳ එහඞින...

                                    කතා බහ කරගන්න
                                    බැරිබව දනිමි මම
                                    ලෝකය, ජීවිතය ගැන
                                    පුඵල් අදහස් කැටිකර
                                    ඔය එකම වදනින....

                                    කියාගත නොහැකි වූ
                                    අදහස් වලින් බරවුණු
                                    තැවුල් සිත් රැගෙන වෙද?
                                    විසිර යන්නේ කපුටු රැළ තොප..

                                    එහෙත් ඔය ළබැඳි බව
                                    නුඹලා වටා රඳවන
                                    රහස එක වචනය බව
                                    සිතෙයි තනිවුණු මට......

12 comments:

  1. එකම වචනය
    පුල පුලා ඇසුනද
    කොතරම් ඇසුවත් මදි බව දනිමි
    මිනසුන් රැදුන
    මේ මිහිපිට
    සොඳුරුතම වදන
    කපුටු රැලකට වුව සොඳුරු වේ මය
    ෴ ආදරය ෴

    ReplyDelete
  2. කටු අග මල ඇතැයි සිතා කටු කාගෙන ඔබට පෙම්කිරීමට ට්‍රයි කල මට ඉතිරිවී ඇත්තේ නොවටිනා ෆ්‍රෙන්තොෂිප් එකක් පමනයි.......එයා අපි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගමු කීවම මම කිවුව අපි ෆ්‍රෙන්තොෂිප් එකක් තියාගමු ....කවුද කියල තිබුන ඉතාලි බාසාවෙන් කියන්නෙ යාලුවට ෆ්‍රෙන්තො කියල....ඉතින් අපේ හිත රිදිල තරහ උන හැම වෙලාවකම මම කිවුවෙ අපේ යාලුකම ඉටැලියන් නිසා මෙව්ව ප්‍රශ්න නෙමෙ කියල ..වෙලාවකට මට හිතෙනව මම ඒක පාර්ශවික සටන් විරාමයක් රන් කරනව වාගෙ....පොඩි වචනයක් අල්ලගෙන(සාමය=ආදරය ) ඒක ඉල්ලගන්න මල්ටිබැර්ල් පාරවල් නෙලාගන්නව වාගෙ....

    ReplyDelete
  3. භාෂාව සහ සන්නිවේදනය කොච්චර දියුණු උනත් අපි අපිව අදුනන්නෙ නැහැ නේද මචන්. දාහකුත් එකක් වචන අපි වැඩිපුර පාවිච්චි කරන්නෙ මේ ලෝකෙ ඇතුලෙ අපිව උස්සල තියන්න. මගේ පැවැත්ම දනවන්න.
    දුකටත් සතුටටත් දෙකටම එකම ශබ්දය තියන එක හොඳයි එක අතකට. අඩුම තරමෙ අනවශ්‍ය දේවල් කියවෙනවා අඩුයි.

    ReplyDelete
  4. ඔබටත් මට ත් එය
    එකම වදනක් වුව
    සෝ ලතැවුල් සංකා
    දුක් දොම්නස්
    සොම්නස සතුට
    සහ අහර
    ඇති තැන
    ඒ එකම වදනින්
    උන් කියන කල
    කුමට අන් වදනක්...

    ReplyDelete
  5. එකම දෙය විටින් විට කීම වගේම එකම දේ විටින් විට බලාපොරොත්තු වීමත් මනුස්ස ස්වභාවය කියලයි මම හිතන්නේ...හේතුව මොන දේ දකින්න පුළුවන් උනත් මිනිස් හදවතක් කාටවත් දකින්න බැරි නිසා...

    ReplyDelete
  6. වචන එයි යයි. එපමනයි. හැමදාමත් වගේ ඔබේ නිර්මානය සොඳුරුයි.

    ReplyDelete
  7. වචන හොයාගෙන .. ගලපගෙන දඟලලා, කියන දේත් තේරෙන්නේ කීයෙන් කී දෙනාටද..නේද.

    එහෙව් එකේ, එක වචනයකින් සේරම කියලා දාන්න පුලුවන් නම් මොන තරම් හොඳඳ.

    ReplyDelete
  8. හොද නිර්මාණයක් සහෝ . .

    ReplyDelete
  9. හැඟීමක නියම ස්වභාවය වචන දාහකටවත් දෙන්න පුළුවන් කමක් නැත්නම් එකම වචනයකින් හෝ සිතුවිලි හුවමාරුවේ වරදක් නෑ...... වැඩිපුර වචන තියෙන එකත් ප්‍රශ්නයක් ඇත්තටම...... වෙනදා වගෙම අපූරුයි සහෝ පදපෙල.....

    ReplyDelete
  10. භාෂාවකින් කෙරෙන ප්‍රදාන කාරණය වෙන්නෙ අදහස් ප්‍රකාශ කිරීම නම් ඒ භාෂාවෙ තියෙන්නෙ වචන එකද දෙකද කියන එක වැදගත් නැහැ කියලයි මට හිතෙන්නෙ.නිර්මාණය හරිම අපූර්වයි.

    ReplyDelete
  11. අදහස් දැක්වූ ඔයාල සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.