Saturday 29 May 2010

විවාහයට පසු...



                                           පෙරකල
                                           විශේෂිත යමෙක් වී සිට..
                                           හිඳිමි අද
                                           සාමාන්‍ය යමෙක් වී
                                           එකම ගොඩකට එක්ව.....

9 comments:

  1. මොකක්ද මේ ගොඩ...

    ReplyDelete
  2. විවාහ ජීවිතය එච්චරම නිරසද ?
    මම නම් හිතන්නේ නෑ

    ReplyDelete
  3. පෙර කල විශේෂිත යමෙක් කියල අදහස් කළේ ඒ කාලෙදී කාගෙත් ඇස් තමන් වෙත යොමු වෙන නිසාත්, තමන්ට ඇවැසි පරිදි තීරණ තීන්දු ගන්න පුළුවන් නිසාත් කියල මම හිතනව. විවාහයෙන් පස්සෙ සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන්නෙ පවුල් දිවියේ අරමුණු ඉලක්ක බොහෝ දුරට එක හා සමාන වෙන නිසාත් කිසිවෙකු ගේ ඇස් තමන් වෙත යොමු නොවන නිසාත් කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  4. හැමදාම විශේෂිත කෙනෙක්ට වඩාත්ම විශේෂිත කෙනා වෙන්න පුලුවන් විශේෂිතම කිහිප දෙනෙක් හරි ඉන්නව අනේ.....

    සර්ව අසුබවාදී වෙන්න එපා...

    ReplyDelete
  5. දැන ගෙන හැදින
    අත් වැල් බැඳින
    දෙදෙනෙකු වෙමිනන
    දෙදෙනෙකු නොවන

    ReplyDelete
  6. මටත් අහන්න තියෙන්නෙ දිල්ගෙ ප්‍රශ්නයමයි. අද සාමාන්‍ය වී සිටිනුයේ ඔබද, නැතිනම් ඇයට ඔබද?

    ReplyDelete
  7. මගේ පුද්ගලික දෙයක් නෙවෙයි මේ. දකින දේක ප්‍රකාශකයෙක් පමණයි මම.
    විවාහ ජීවිතය නීරසයි කියල මම කියල නෑ. ඉසිඹුව කියනදේත් නිවැරැදියි තමයි.
    ඒත් පුද්ගලයා තුල තිබෙන පුඵල් ශක්‍යතාවය මෙවැනි සම්ප්‍රදායික දේවල් වෙනුවෙන් ජීවිතය කැප කිරීම නිසා ඔහුට අහිමි වෙන බව මම දකිනව. බොහෝ ශ්‍රේෂ්ඨතම පුද්ගලයො ඒ තත්වයට පත්වුණේ ඒවායින් වියුක්තව සිටීම නිසයි.

    ReplyDelete
  8. "ඇති ව්ශේෂ" කියන්නෙත්
    ව්ශේෂත්වයක් නැතිම දෙවල් වලට
    ඇත්තටම සාමන්‍යයි කියන්නෙත්
    එක්තරා ව්ශේෂත්වයක් නිසා..........

    ReplyDelete
  9. ඔයාලගෙ අදහස් දැක්වීම් වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.