Wednesday 12 May 2010

කෝ කොහෙද නිදහස



                                                    නිම කරමි නොයෙක වැඩ
                                          රකිනු වස් ජීවිතය
                                          නිදහසක් පතාගෙන
                                          ක්‍රියාවේ වහලෙක්ව......

                                          නිදාගමි අඳුර තුළ
                                          විඩාවන් සනහමින
                                          එහෙත් රෑ තුන් යමේ
                                          සිහිනවල වහලෙක්මි...

                                          තැවුල් බර මතකයන්
                                          බරව ගිය හදවතින
                                          හිඳිමි මම ගිලීගොස්
                                          මහ දුකක වහලෙක්ව.....

                                          නසාලමි හදෙහි දුක
                                          සිනහවෙන් පිරී යමි
                                          හිඳිමි මම එකල්හිද
                                          ප්‍රීතියෙහි වහලෙක්ව....

                                          අරුත් පිරිසිඳ දකින
                                          මේ මහත් වහල්කම
                                          නැගෙන සිතුවිලි ළඟදි
                                          මම තවම වහලෙක්මි....

3 comments:

  1. මිනිසත් කම් ලබා
    මෙදියත උපන් හැම
    කෙළවරක් නැතිවම
    සිතිවිලි සයුරේ ගිලී
    එහිම වහලෙකුව
    දැවේ තැවේ හැමදාක........

    ReplyDelete
  2. මැණික්(සුළඟ)13 May 2010 at 07:58

    අසීමිත විශ්වයෙහි
    පැතිරිලා ඔබ ඉන්න
    කෝ කොහිද වහල් කම
    සිනාවෙන් ඉතිරෙන්න

    ජීවිතය සුන්දරයි
    ඉතින් ඔබ හිනැහෙන්න
    අන්නතය තෙක් දුරට
    ආදරය පතුරන්න

    ReplyDelete
  3. අදහස් වලට ස්තූතියි ඔබ දෙදෙනාටම.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.