Friday 2 July 2010

සුපිපි මල සහ නොපිපි මම


 
                                     මේ මල හේතු රහිතව
                                     විකසිතව හිනහෙයි..

                                     එහෙත් මම..

                                     බලා ‍සිටියෙන් බොහෝ කල්
                                     මෙමග කිසිවෙක් එනතෙක්
                                     නොහැකි විය සුපිපෙන්න..

                                     සොඳුරුතම සුපිපීම
                                     අහේතුකවේ දියත
                                     කුමට බැල්මන් පතනු
                                     විකසිතව හිනහෙන්න...

11 comments:

  1. ඉර එළිය නැතුවත්
    පිබිදේවිද මල්......
    තරු එලිය ඇති වේවිද
    සනසන්න ගස් වැල්.....
    හේතුවම වේවිද
    අහේතුව........
    හිනැහියන් හැමදාම
    අකාලිකව.....

    ReplyDelete
  2. අනේ මන්දා මේවා
    ලෝකේ තියෙන හැම දේ
    දෙසම මැදහත් සිතින්
    නෙත් යොමන ඔබ
    කිමද හරි හැටි නොදැක
    තවමත් ඔබේම බ්ලොග්
    පිටුව?

    දන්න දා ඉඳන්
    දැන් හදයි දැන් හදයි
    සිතා බලා සිටියෙම්
    ඒත් නැත තවමත්

    මෙවන් විද්‍යුත් ලිපිනයක්
    දුටුවේ මා මෙලොව දී
    ප්‍රථම වතාවටයි
    දැන්වත් ඒක හදපන් බං අයියා !!!!!!!!
    රට්ටු හිනස්සන්නේ නැතිව

    :D :D :D

    ReplyDelete
  3. @පිටස්තරයා - අපූරුයි...


    @RanDil -
    කොචොක් දාන්නෙ නැතුව
    කනට කැරල කිවුවනම්
    පිටස්තරයෝ හදාගනින් උඹෙ
    විද්‍යුත් ලිපිනය හනික
    මක් වෙනවද හ්ම්ම්...

    හී හී හී..
    [මෙය විහිළුවක් බව කරුණාවෙන් සලකන්න..]

    ReplyDelete
  4. රන්දිල්, සෝරෝ ඔන්න අඩු වෙලා තිබුණ අකුර දාල මම ඒක නිවැරැදි කලා. පෙන්වා දුන්නට ස්තූතියි.

    ReplyDelete
  5. ඒකත් ඇත්ත නේද සෝරෝ ? ඒත් ඉතිං අනිත් ඈයෝ කොහොමද දැන ගන්නේ මම ඒසා විශාල වූ උදව්වක් කළා කියලා. ඒක නිසා තමයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලේ. :D

    ReplyDelete
  6. අහේතුකව හිනැහෙන මල
    හේතුවක් කරගෙන
    කුමට දුක් ගනු ඔබ
    හිනැහෙන්න ඒ සමඟ..!!!!

    @RanDil
    ආ.. ආ.. ඔන්න මමත් දැන ගත්තා රන්දිල් කලාවූ සුවිශාලවූ උපකාරය :D

    ReplyDelete
  7. සුපිපෙන්නට කාලයයි මේ.........

    ReplyDelete
  8. ඉර එලිය වැටී මේ මල පිපී හිනැහෙයි
    සඳ එලියටත් සමහර මල් පිපෙයි.
    හේතු විරහිතව පිපෙනා මල් ඇත්ද ලොවේ????

    ReplyDelete
  9. ලස්සන පද පෙල ඒ වගේම ලස්සනයි පින්තූරෙත්. පහු ගිය දවස් කීපයකම මේ පැත්තෙ ආව සැනින් හිතට පොඩි බයක් එකතු වුනා බාවිත කරල තිබුන පින්තූර නිසා. අද නම් එහෙම නෑ ඔන්න.

    ReplyDelete
  10. නියමයි සහෝ නිර්මාණය....!!!

    ReplyDelete
  11. අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ඔබ සැමට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.