Wednesday 14 July 2010

මේ හුස්ම.........



                                                 මේ හුස්ම...
                                                 මා සිරුර හා
                                                 ආත්මය යා කරන
                                                 චංචල පාලමයි.....

                                                 මේ පාලම..
                                                 මගේ ආත්මය
                                                 පාරාදීසයට ගෙන යන
                                                 නැවුම් වූ මාවතයි...

4 comments:

  1. මේ හුස්ම නිසල වන මොහොතෙහි
    මට "මාව" මුන ගැසෙනු ඇත
    එතුලින් දකිමි මම පාලම
    මගේ ආත්මය පාරදීසයට ගෙන යන
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. හුස්ම කියන සංකල්පය තුල අපි සැබැවින්ම අවසන් සුසුම හෙලන්නේ ආත්මය නිද්හස්වූ දාටද?.....ආත්මය හා සිරුර අතර බැඳීම පමණක් බිඳුනු විටද?....

    ReplyDelete
  3. ආශ්වාස ප්‍රාශ්වාසය හරහා එකඟ කර ගත් සිත ගැන කියවෙන පද පෙලක් විදියටයි මට පේන්නෙ.

    ReplyDelete
  4. ස්තූතියි ඔබ තිදෙනාගේ අදහස් වලට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.