Sunday 25 July 2010

මහඵය කැඩපත...



                                     මගේ රුව මනරම් ලෙස
                                     වසර කිහිපයකට ඉහත 
                                     කළත් සිතුවම් මේස කැඩපත
                                     කොතෙක් නම් දැන් උදාසීනද?

                                     මාව සිත්තම් කරයි අද දින
                                     දුර්වලව ගිය මේස කැඩපත
                                     පෙර මැවූ සිත්තමට බොහො ලෙස
                                     වෙනස්කම් රාශියක් පවතින..

                                     මදක් වෙව්ලන එසිත්තම මත
                                     මගේ කඵ පැහැ රැවුල් කෙස් ගස්
                                     තැනින් තැන සුදු ලෙසින් ඇඳ ඇත
                                     මගේ පැහැපත් සිනිඳු සම අද
                                     මවා ඇත රඵ ලෙසම බොරුවට..

                                     ලොවේ අනියත බව කියයි මට
                                     වෙනස් වී යන මෙකැඩපත අද
                                     සොඳුරු සිත්තම් පෙර මැවූ නෙක
                                     එපිරිපුන් හැකියාව ගිලිහෙන..

5 comments:

  1. කැඩපතටත්
    ඩෝරියන් ග්‍රේගෙ සිතුවම
    වාගෙ වෙන්න ඇහැකිනම්......
    යථාර්තය පෙන්නලා
    හිරකරලා
    තියාගන්න ඇහැකි නම්....

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්

    ReplyDelete
  3. අපේ ජීවිතේ වෙනස්කම් එක්ක ඉන්න එක යාලුවෙක් විතරයි කැඩපත.

    ReplyDelete
  4. කැඩපත ...!!!
    ඔබ මගේ සිත ...
    කියාදෙන්න මා හට
    සිරුරේ අනිත බව

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.