Wednesday 29 June 2011

2012 නැත්නම්..



විනාශ වෙද්දෙන්
වැඩිදෙනා දුක් විඳින
වැඩකට නැති
අසමබර
කාළකණ්නි ලෝකය
අදම  හරි..

15 comments:

  1. විනාස වෙද්දෙන්
    එකිනෙකා කා කොටාගෙන
    පස් ගොඩවල් මත්තේ නැහෙනා
    සටන් බුමිය

    විනාස වෙද්දෙන්
    ආගමේ නාමෙන්
    දාස් ගණනක් මිනිසුන් මරණා
    යමපල්ලන්ගේ ලෝකය !

    ReplyDelete
  2. මාත් මේ එනවැයි කියන
    මල ඉලව් විනාසේ
    ගණන් නොගෙන ඉන්නේ
    ඒකමයි...

    අනික නම් ඕන මගුලක්!
    මේක විනාස වී
    ආයෙත වසර
    බිලියන ගණනකින් හැදෙන්නේත්
    මේ වගේම එකක්.

    ReplyDelete
  3. ජීවත් වෙන්න වත්
    නිදහසක් නැති
    පවු කාරයන්නට විතරක්ම හරියන
    මේ ලෝකෙ විනාස වෙනවානම්
    අදම...
    කැමතියි මාත්....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. නෑ නෑ බයවෙන්ඩ එපා... අපේ රජතුමා ඉන්නකන් ලෝකෙම විනාශවුනත් ලන්කාව බේරෙනවා. රජතුමයි, ආසනික් සිල්වා යි අධ්‍යාත්මික ශක්තියෙන් අපේ රට බේරගන්නවා...

    ReplyDelete
  6. ඔව් විනාශ වෙද්දෙන් ඒ ලෝකය

    ReplyDelete
  7. අනේ ඔව් හැම දේම ඉක්මනට ඉවර වෙනවා නම් මමත් ගොඩක් කැමතියි...

    ReplyDelete
  8. ආයෙම හැදෙනවනම් දුකින් මිදුණු,සාධාරණ ලෝකයක් හිනාවෙලා බාරගනිමු ඒ විනාසේ.

    ReplyDelete
  9. අනේ...ඔව්.
    මට නම් ඕක උනත් එකයි.නැතත් එකයි.

    මොනවා උනත් පවු කාරයෝ ටික ඉතුරු වෙනවා.
    ඒක ෂුවර්.

    ReplyDelete
  10. දැන් මිනිස්සු ගොඩාක් ගුණ ධර්ම වලින් පිරිහිලා. ම්ලේච්චයෝ වගේ.කුරිරුයි.අධමයි.
    හොර බොරුව වන්චාව උතුරනවා. මාත් හිතන්නෙ දැන් ලෝක විනාසයක් වෙලා ඊලගට අලුත් පරම්පරාවක් සියලු ගුනධර්මවලින් යුක්තව ඉපදෙනවනම් හොදයි.

    ReplyDelete
  11. ආවේගයෙන් පිරුණු කවියක්. කළකිරීම උපරිමෙන් පෙන්වනවා.
    ටිකෙන් ටික විනාශ වෙවී යන හැටියක් තමයි පේන්නෙ ලෝකයනම්. ඔහොම ගිහින් ආයෙම හැදෙයි. (කියලා හිතමු.)

    ReplyDelete
  12. අනේ මන්ද මටත් නම් ඔ්නි එකක්.. මොකක් වුණත් එකයි වගේ..

    ReplyDelete
  13. ඔව් මචන් තේරුමක් නැති ලෝකයක්....
    විනාශ වෙද්දෙන්...

    ReplyDelete
  14. එක අතකට ඒකත් ඇත්ත.... :D

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.