Saturday 18 June 2011

බුද්ධ ඥාතීත්වය



                                     මම බුදුන්ගේ ඥාතියෙක්මි
                                     එබැවින් බුද්ධ පරපුරේ වෙමි
                                     දෙව්දත් බුදුන්ගේ ඥාතියෙකි
                                     එබැවින් දෙව්දත් පර‍පුරේද වෙමි..

15 comments:

  1. නිවනද, අපායද මා තුළම වේ~ :-) සිහි කැඳවීමක් වගෙයි, එක පරපුරකට පමණක් උරුමකම් කියන්නන්ට.

    ReplyDelete
  2. X යනු මැරයෙකි , කාලකණ්නියෙකි ඌ තමා රජකෙනෙක්ගෙ පරම්පරාවේ යැයි කියා ගනි .

    Y දැන් රජකෙනෙකි , අර කලින් කියූ රජුටත් නැ කම් කියතියි ද ? බුදුන්ට නැකම් කියතියිද? පැවැසේ . (මෙසේ කියන්නේ එසේමෙසේ පොරක් නොවේ )

    ඒ අනුව Xද බුදුන්ගෙ පරපුරේමය . එනිසා X&Y ඥාතීන් ද විය යුතුය .

    පහුගිය කාලයේ සිදුවීම් මනාවට පැහැදිලි වන බව පෙනේ

    ReplyDelete
  3. X සහ Y යනු ලේ ඤාතීන් බවට ටැබූ විසින් ප්‍රවාදයක් ගෙන ආවේය. ඒ සඳහා ඔහු සැලකියයුතු මට්ටමේ සාධක කිහිපයක්ද ගෙනහැර පෑවේය.
    කියවලම බලන්න
    මර්වින් සිල්වා සහ තෝල්ස්තෝයි

    ReplyDelete
  4. @chami - මම ඕක ඒ දවස් වලම කියෙව්වා . ඒ වගෙ නෙමේ මේ සිද්ධිය . ටැබු වගෙ "දේශදෝහි" බ්ලොග් කරුවෙක් නෙවෙයි මේ ඥාති සම්බන්ධය පෙන්නුවේ, "ජාතියේ පිනට පහල වුන " ශ්‍රේශ්ට කලාකරුවෙක් . අනික ඒ නැ කමත් ඔය ටැබුවා කියනව වගේ කැත එකක් නෙවෙයි රජවරු , බුදු හාමුදුරුවො හරහා එන එකක් . සෙල්ලම් නැ තේරුණෙයි ??

    ReplyDelete
  5. ෂඃ! අමුතුම විදිහේ සිතුවිල්ලක්.. අපූරුයි..

    කට්ටිය ඕං ඉතිං දේසපාලනේ ගාගෙන

    ReplyDelete
  6. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ,
    තුන් සිංහලයම නෑදෑයෝ..!

    ReplyDelete
  7. @පූස් පැටියො - මෙතන එහෙම එකක් තියනව ඒකයි ගාවගත්තෙ

    ReplyDelete
  8. හැබැයි X බුදුන්ට නෑයෝ වෙන එකට වඩා Y ට නෑ වෙන එක ගැන පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා ඇති.

    ReplyDelete
  9. හෙක් හෙක්... බලාගෙන යද්දි අපි සේරම විනාස කරන් අල කරන් ගූ කරන් ඉන්න අතරෙම අනිත් අයට බණ ටෝක් දෙන්න පුරුදු වෙලා ඉන්න එකට ඓතිහාසික සාධකත් තියෙනව නේද?

    ReplyDelete
  10. buwa අංකල්: දේසපාලනේ ගැන කතා කොරන්ට කට හදාගෙන ඉන්න අයට මොක දැක්කත් දේසපාලනේ මතක් වෙනවා වෙනට බැරිද?

    ReplyDelete
  11. ඒක නම් නියම අදහසක්!

    ReplyDelete
  12. ඇත්තටම එක නම් අපූරු අදහසක්

    ReplyDelete
  13. ජැක්සනි ඇන්තන් මහත්තයාට කියන්න ම වෙනවා........ :D

    ReplyDelete
  14. මේක ගැනනම් මොනව කියන්ඩද කියල හිතාගන්ඩ බෑ.... :)

    ReplyDelete
  15. හැබැයි බුදු හාමුදුරුවෝ ඉන්දියන් ජාතිකයෙක් .. එතකොට අපේ රජවරු ඉන්දියාවෙන් පැවතගෙන එන අයද ? මං හිතන්නේ ඉන්දියාවෙන් පැවතගෙන එන අය වෙන්න ඇති හැබැයි අජාසත්ත රජ්ජුරුවන්ගේ පෙලපතෙනුයි චේතිය රජ්ජුරුවන්ගේ පරපුරෙනුයි වෙන්න ඕනා.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.