Friday 19 August 2011

සංගණනයෙන් පසු....



පහු ගිය දොහක 
ආයෙමත් ඇවිදින්
ගැණගෙන ගියාලු
අර යක්කු මුඵ රැළම..

ඇහ ගහගෙන ඉඳින්
පොඩි එවුන් දිහාටම
දන්නවනෙ ඕකුන්
එහෙමටම තිරිසන්නු..


17 comments:

  1. ගනගෙන ගිහින් පැටවුන්ට ෂොට් එක දෙයිද දන්නේ නෑ. ඒ නිසා පරිස්සමින් ඉන්න තියෙන්නේ. :)

    ReplyDelete
  2. දළ නැත්තන් ප්‍රශ්නයක් නෑ.. දළ තිබුනොත් නම් දන්ත ධාතුව පිටින් දාල ෂොට් එක දෙයි...

    කොහොමත් ගැන්නෙ 300කට කෙලවන්න තමයි..

    ReplyDelete
  3. ඇතෙක් වී ඉපදීම්
    පුතු කල පාපයම
    කුදලාන උන් යාවි
    නොසිතාම නුබ ගැනම
    ඇතිනියේ දීහන් සමුගැන්ම
    අහිංසක නුබේ පුතුට
    හැර යන්න පලින් බර
    මේ සොදුරු වන ලැහැබ...

    ReplyDelete
  4. පොඩි අලින්ව ඒ පැත්තට ගනියි කියලද? ;)

    ReplyDelete
  5. ගැන ගෙන ගියේ සංගනනෙට මිසක්කා...වෙන මොනවටවත් නොවෙයි..ආයිබෝං....D

    ReplyDelete
  6. යන්තමට ඇහුන මට
    ඔය ගැන ගැන ඉන්න එකෙක් කියනවා,
    හා හා ගනින්නේ නෑ සේරම
    අඩුවෙන් ....අඩුවෙන්......
    නොගැනිච්ච උන් තමයි යකෝ සල්ලි.....

    ReplyDelete
  7. මාත් අලි සමීක්ෂණයට ගිය ආයුබොවන්, ලොක්කෝ මොනාකරයිද දන්නේ උඩ ඉන්නෙ දෙවියෝ තමයි. හැබැයි කාරනාව හරියට කෙරුනානම් අලිටික ‍රැකගන්න පුලුවන් අනාගතයට....

    ReplyDelete
  8. අලි කියන්නේ මහ හිත් පිත් නැති සත්තු ජාතියක්

    ReplyDelete
  9. නිකං වෙන්න බෑ ගැනගෙන ගියානං ....
    @සඳරු,
    උඹගේ පැත්තෙන් මලයා උඹ 100% ක් හරි ...

    ReplyDelete
  10. සුද්දො බුරුමෙ ( මියන්මාරෙ ) අලි සහ තේක්ක හූරන් කාපු හැටි ගැන කියවෙන "එලිෆන්ට් බිල්" ගෙ jumbo in burma පොත කියවනව මේ දවස්වල. එහෙ එදා උන දේ අද මෙහෙ වෙනව වගෙයි පේන්නෙ!

    ReplyDelete
  11. පෙරහැරවල් වලට අලි මදිලු.... ඒකට වෙන සත්තු ජාතියක් පාවිච්චි කලොත් මොකද? බූරුවො වගේ පාවිච්චි කරන්ඩ පුලුවන්. ඕනෙ තරම් හොයාගන්ඩ පුලුවන්නෙ.

    ReplyDelete
  12. ඕකුන් එහමට යක්කු
    දහගෙන යාවි අම්මගෙන්
    කිරිබොන පැටියන්
    දෙයියන්ට දී උන්ව මරාගනීවී.

    ReplyDelete
  13. පදපෙල උපරිමයි, කියන්න වෙන වචන නැත.

    ReplyDelete
  14. සරල සත්‍ය ! අලි පරපුර අද මහා කේදවාචකයක !!

    වෙලාව තිබ්බොත් මේකත් කියවන්න...
    http://nil-ahasa.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.