Wednesday 31 August 2011

අලුත් යහඵව අලුත් ඔඵවක් සමග එන්න





නම කිව්වා ගම කිව්වා
රස්සාවත් කීව ඉතින්
මම දන්නව මේ දැන් දැන්
අහන්න යන ප්‍රශ්ණ ගොන්න
ඔයාගෙ ඔය ඔඵව තුළින්

අහන්නෙපා ඒක නිසා

අයිය අක්ක කොහෙද ඉන්නෙ
නංගි මල්ලි ඉන්නවාද
උන් බැඳලද දරුවො ඇත්ද
අම්ම අප්ප මොකද කලේ....??

ඔයා තවම බැඳල නැද්ද
මොකද ඔයා බඳින්නැත්තෙ
බඳින්න අදහසක් නැද්ද
වයස‍ ගෙවිල යනව නේද....??

ඉගෙන ගත්තෙ මොනවද ඔබ
කැම්පස් හෙම ගියා වේද..?
අහවල් එක ‍කළොත් මොකද
තව පොඩ්ඩක් ඉගෙන ගන්න
මමත් ඒක කරල ඉන්නෙ

සම්ප්‍රදාය කලක ඉදන්
පට්ට ගහපු ප්‍රශ්ණ ඒව
තියෙනවනම් එහෙම නොවන
නැවුම් විදියෙ ප්‍රශ්ණ එහෙම
හොයල බලල අරන් එන්න
මම උත්තර දෙන්න කැමැති

එකම විදියෙ ප්‍රශ්ණ ගොඩක්
එකම විදියෙ ඔඵ අතරින්
දමා ගහන මැෂින් වගෙයි
නැත්නම් මට හැඟී යන්නෙ
අලුතින් හමුවන හැමෝම..



16 comments:

  1. අළුත් ලෝකයකට අළුත් ඉරක් පායන තුරු. .,
    අපි මග බලන් ඉන්නවා...
    ඒත් ඒ ඉර හැමදාම පායන්නෙ
    පුස් බැඳුන පරණ ඔළුගෙඩි වලට ඉහලින්. . .
    (නියමයි!)

    ReplyDelete
  2. හැමදාම එකම විදිහට හිතන්නේ නැතුව අලුතින් හිතන්න පුලුවන් නම් නියමයි.
    මම් කතාවට අහලා තියෙනවා අලුත් නිර්මාණයක් මුලින්ම ඇති වෙන්නේ සිතක කියලා.

    ReplyDelete
  3. මාර අදහසක් ........
    අති විශිෂ්ඨයි ..........

    ReplyDelete
  4. වෙනස් විදිහකට, අලුත් විදිහකට හිතන්න ඇත්නම් මොන තරම් හොදද...ඒත් ඉතිං..බැරිත් ඕකමනේ.

    අලුත් විදිහට හිතන ,පතන, දකින අයට, මගේ තියෙනවා ලොකු කැමැත්තක්.

    ReplyDelete
  5. මරු මචං

    ReplyDelete
  6. පඩිය කීයද කිව්වෙ?

    ReplyDelete
  7. අලුතින් හමුවන හැමෝම
    පරණ අච්චුවෙම තමයි.. :D
    කලාතුරකින් එහෙම නොවන අය හමු වෙන්නෙ. ඔය ප්‍රශ්න වැලට උත්තර දීලම තිත්ත වෙලා තමා.

    ReplyDelete
  8. ළමයි එහම නැද්ද ? ඇයි තාම නැත්තේ ? දොස්තරකෙනෙක් හම්බවෙලා බැලුවේ නැද්ද ? අයි යකෝ තොටද මටද ළමයි ඕන වේලා තියෙන්නේ ?

    ReplyDelete
  9. තමන් තමන් වෙලා අනුන් අනුන් වෙන්න ඉඩ ඇරියනම් හරිනේ.
    ඒක නෙමේ "ඔයා කව්ද?"

    ReplyDelete
  10. අපූරු පද ගැලපුමක් ,..

    ReplyDelete
  11. වෙනස් විදියකට හිතන්න පුලුවන් නම්... බොහෝම හොඳ අදහසක්. ලස්සන පද ගැලපුමක්.

    ReplyDelete
  12. 'ඔයා කවුද' කියල නාහන මනුස්සයෙක් ආශ්‍රය කරන එක මාරයි බං........

    ReplyDelete
  13. ම්..ම්...අලුත් ප්‍රශ්නයක්

    ReplyDelete
  14. සම්ප්‍රදාය
    කෙල්ලෙක්ගෙන් නම් වයස අහන්න එපා! කොල්ලෙක්ගෙන් නම් පඩිය අහන්න එපා!

    ReplyDelete
  15. ඔයා කන්න ආසම මොනවද මෙයා

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.