Sunday 2 October 2011

ගෞරවය කෙළෙසන්නන්ට දඞුවම



උසස් හොරකමේ
ගෞරවය කෙලෙසන
පොඩි ප‍හේ හොරුන්ට
දඞුවම මරණයයි..

17 comments:

  1. පොලීසිය කියන්නෙ තමන්ගේ ගෞරවය බල්ලට දාපු කොට්ඨාශයක් නෙ... හරියට මස් වැද්දො ගානට වැටිලා...වේලි වේලි ඉන්න එකේ හිරි යවා ගන්නෙ මේ වගේ අහිංසකයෙක් අලාගෙන වෙන්න ඇති....

    අහපු දැකපු දේවල් එක්ක බලද්දී...ෂික් විතරක් කියන්න හිතෙන තරමට අප්පිරියාසහගත පිරිසක් වෙලා " පොලීසිය "

    මහජනයාගේ නීතිය හා සාමය රකින අළුත්ම විදිහ මේකද දන්නෙ නෑ

    පද හතරක් උනාට...කියුම් කෝටියක් ගැබ්වෙලා...අපූරුයි නිර්මාණය

    ReplyDelete
  2. දොම්පෙට යන පාර කොයිබදෝ
    පොලිස් මාමෙ කියල දෙනවදෝ..

    මොකටද බන් දොම්පෙට යන්නේ
    අපි උඹලව නිවන් යවන්නේ...

    ReplyDelete
  3. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම නීතිය හා සාමය රකින ආයතන ඔහොම තමයි. එය අසාමාන්‍ය නොවේ. සාමාන්‍ය දෙයක්.

    ලංකාවේ පොලීසිය ගත්තොත් අර සාමාන්‍ය ගතිය අසාමාන්‍ය විදියට වැඩි වෙලා!

    ReplyDelete
  4. කියන්ඩ ඕනෙ ගොඩක් දේවල් පද හතරකට ගොනු කරලා...!
    මොනව උනත් පොලීසියට යන්නෙත් අපිත් එක්ක එකට පාරේ ක්‍රිකට් ගහපු කොල්ලොම නේද?

    ReplyDelete
  5. අපි ඉන්නේ උතුරු නැගෙනහිර නං ඇල්ටීටීයට බැදෙන්න හිතෙනවා නේද?

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද? අද යුද නැතුව
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    (May 2009)

    ReplyDelete
  6. තමන්ගෙ නීතිය තමන්ම විය යුතුද මන්දා!

    ReplyDelete
  7. ඔය හැම නීතියම තියෙන්නේ පොඩි එවුන්ට. ලොකු ලොකු හොරකම් කරන එවුන්ට ඔය කිසිම එකක් නෑ. පවු අර දොම්පේ දි මැරුන මනුස්සයා !!!

    ReplyDelete
  8. කෙසෙල් පඳුරු යට
    වලලපු දේ ගන්න කොට
    යන්නම යන්න වෙන
    කවියකි ලියා ඇත්තේ ..

    ReplyDelete
  9. හොරකම වුණත් ලොකුවට කලානම් වැජඹෙන්න තිබුණා :-(

    ReplyDelete
  10. නැතුව නැතුව , ලපයි සිපයි හැම එකාටම හොරකම් කරන්න දෙන්න බැනේ

    ReplyDelete
  11. නීතියේ අවනීතිය පද හතරකින්.

    ReplyDelete
  12. මුර බල්ලන් මුර කරන්නේ කවුරුද????එතනයි ප්‍රශ්නේ!

    ReplyDelete
  13. කප් ගහපු හෙජින් හොරු ඉන්න රටේ වතුර මෝටර් උස්සන එවුන්ට ඉඩ තියන්න පුලුවන්ද?

    ReplyDelete
  14. මේ
    ල...o...කා...වේ
    අපේ
    පොලිසිය

    ReplyDelete
  15. රහස් පාවා දෙන්නන්ට ද
    උසස් හොරුන් කපා දමන්නන් ට ද
    එයම වේ.

    කෙටි කවියක් උනාට උපරිමයි.

    ReplyDelete
  16. අපහාසයක් හෝ උපහාසයක් සේ නොසිතා...පද හතරකට කැටි කල, යතාර්තය දැක..සොයුර ඔබ ගැන, ආඩම්බරයක් සිතුනි.

    ReplyDelete
  17. කෙටියෙන් කෝටියක් වටින කතාවක් කියලා තියනවා ........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.