Sunday 27 November 2011

ශ්‍රී පාදයේ හිමිකම ලබනු පිණිසයි..



සමිඳ කිම
එකම කන්දක
සලකුණු කලේ
ඔබේ ශ්‍රී පාද සලකුණ
අපමණක් කඳු 
තිබියදී දසත..

එකම කන්දක හිමිකම
බෙදා ගන්නද අප කෙලෙස

අපේ මුදු සිත් සැහැසි ‍වේ
ඔබේ සිරිපා පහස
අනෙකෙකු හිමිකමට
නතු වන කලට..

නැවත පැමිණෙන්න
සමිඳුනි ලොවට
ඉන්පසු වඩිනු මැන
මේ බුද්ධ රාජ්‍යයට..?

ලොකු කුඩා වූ සෑම
උස් කඳුමුදුනකම
තබා යනු පිණිස
ඔබේ සිරිපා සලකුණ..


14 comments:

  1. ඡන්දෙන් බෙදා ගන්න දඟලාපු හිමිකම ලැබිලලු.....

    ReplyDelete
  2. ස්වාමීනී
    එසේ වඬින සඳ
    තබනු සිරිපා ලකුණු
    මුඩු බිම් සොය සොයා
    නොතබනු මැනේ
    මැණික් ඇති
    බිම් මතේ
    අපෙ උන් පෙරේතයි
    නිල් මැණික් ගල් වලට
    හිමිසඳුනි මතකයීද
    කෙළගත්තා
    පුටුවකට
    මැනික් ඇති
    සිහසුනට

    ReplyDelete
  3. පෘතග්ජන මිනිස්සුනේ!

    ReplyDelete
  4. හ්ම්..අපි පොඩි කාලෙ මට මතකයි හාමුදුරු දෙනමක් නඩු කිව්ව ශ්‍රී පාදෙ භාරකාර කමට.
    පිං පෙට්ටි ගැන තන්හාවට වෙන්නැති

    ReplyDelete
  5. පහුගිය ටිකේ ඔය කිමිකම බෙදාගන්න මාරම සටනක් නේ තිබ්බේ. මෙවුවට මොනා කියලා කියන්නද මන්දා. පෘතග්ජන මිනිස්සු !!!!

    ReplyDelete
  6. අර ප්‍රශ්නාර්ථේ තියෙන තැන ගැන නම් කතා කරලා වැඩක් නෑ...

    ඒක නිසාම ආයේ බුදු කෙනෙක් මෙහෙට වඩීද කියලත් හිතෙනවා...

    ReplyDelete
  7. හොඳ වෙලාවට ඉන්දියාවෙ උපන්නෙ

    ReplyDelete
  8. කාලයයි නිදුකානනේ
    දේශයයි නිදුකානනේ
    මේ සියලු කුනු දු‍රැරලන්නට
    ඔබම හැර අන් කවර පිහිටද
    වඩිනු මැන නිදුකානනේ
    මැණික්

    ReplyDelete
  9. මේ ඉතින් අබුද්දස්ස කාලේ නේ

    ReplyDelete
  10. මේ ලක් දෙරණ
    රැක ගන්නට ඔබ යෙදෙවූ
    උපුල්වන් දෙවියාද
    සමිදුනි,
    ඔය ඡන්දේ දවසේ
    ඇමති වේසයෙන්
    ඔතැන හිටිය
    කොට හාදයා?

    ReplyDelete
  11. හරිම අරුත්බර පැදිපෙළක්....

    ශ්‍රීපාද භාරකාරීතවයට හාමුදුරුවරුන්ගේ ඇති කෑදරකම නිසාම අපේ රට සුද්දට යටත් උනා කියල කිව්වොත් වැරදි නැහැ

    ජෝන් ඩොයිලිට සිංහල උගන්නපු හාමුදුරුවෝ(මට නම මතක නැහැනේ) එහෙම කලේ සුද්දගේ ආණ්ඩුව ආවට පස්සෙ පහත රටට ශ්‍රීපාදස්ථානයේ භාරකාරීත්වය ලබාදෙන බවට පොරොන්දු කරගෙනලු
    ජෝන් ඩොයිලිගේ සිංහල හැකියාව හරහා සුද්දා ගිවිසුමෙන් රට අයිති කරගත්තට පස්සෙ ඒ විදිහට වැඩේ සිද්ධ උනාලු.
    ඒකනේ අදටත් ශ්‍රීපාදස්ථානයේ අයිතිය සබරගමුවට තියෙන්නේ.
    (මේ මම අහපු කතාවක්)

    මේක මගේ මුල්ම කමෙන්ට් එක....

    ReplyDelete
  12. ලස්සන අර්ථවත් කවිපෙලක්! :)

    ReplyDelete
  13. @ ලොකු පුතා,
    රත්නපුරේ පැත්තෙ කට්ටිය නං කියන්නෙ ඒගොල්ලො උඩරට කියල.

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම කියන්නේ නැ

      Delete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.