Saturday 17 December 2011

විකටයා මම තවම..




සිත් සතන් වෙලාගත්
අඳුරු අහුමුඵ සොයන
සොයා ප්‍රමුදිත කරන
විකටයා මම..

පාන බහුරූ කෝලම්
දැක තොසින් ගොසිනි දන
කුමට රැ‍ඳෙනුද මා ළඟ
මතකය රැගෙන යනු මිස..

හැර දමා යන දන
නොදකින නමුදු කිසිකල
විකටයෙක් වේනම් තව
දකියි විනිවිද මසිත..

විශ්වයේ මහ අඳුර
ලැගුම් ගත් හදවතෙහි
මහ විසල් දොර හරින
පුංචි යතුරක් රැගෙන
විකටයෙක් ඒදැයි බලන

විකටයා මම තවම..



9 comments:

  1. සාමාන්‍යයෙන්, ලෝකයේ බහුතර ජනප්‍රිය මතයට වඩා වෙනස් විදිහකට දේවල් දකින අය විකටෙයෝ නෙමයි පිස්සෝ කියලයි හදුන්වන්නේ....හි හි..
    වයර් කෑලී අතේ තියා ගෙන නොදන්න විදුලියක් ගැන හොය හොය හිටිය මයිකල් ෆෑරඩේටත් ඒ කාලේ මිනිස්සු පිස්සෙක් කියල තමයි කිව්වෙ ලු...

    ReplyDelete
  2. විකටයෙක් අවශ්‍යනං අමතන්න! මමත් ඉන්නවා! :)

    ReplyDelete
  3. මයියා + +
    මමත් පිස්සන්ට හරි කැමතියි..
    උන්ට බහුශ්‍රැතයෝ කියන්නේ රැඩිකොල් කියලා

    ReplyDelete
  4. විකටයෙක් ඕනි උනු වෙලාවට කියන්නම්කෝ....:D

    ReplyDelete
  5. ඇත්තටම අනිත් මිනිස්සුන්ව හිනස්සන විකටයෙක් කියන්නෙත් අනිත් හැම මිනිහෙක් වගේම මිනිහෙක්නෙ. රස්සාව විධියට මිනිස්සුන්ව හිනැස්සුවට විකටයා හිත ඇතුලෙන් අඬන තවත් මිනිහෙක් විතරයි. එකම වෙනස එයාව හිනස්සවන්න කවුරුවත් නෑ.... :-(

    ReplyDelete
  6. නිකං ඉන්න ගමං මලක්‌ වත් ඇද්දද හෙහ්..හෙහ්...?

    ReplyDelete
  7. ශ්‍රී ලංකාවේ කොමඩි ෆිල්ම් සඳහා විකටයන් අවශ්‍ය කර තිබේ .....

    ReplyDelete
  8. හ්ම්..
    විකටයා මම තවම..

    ReplyDelete
  9. මොකෑ කොමඩියක්වත් ෂූට් කරන්න යනවද මන්දා :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.