Sunday 26 February 2012

සමාජවාදියාට...



මිතුර කාලය නෙවෙයි මේ
නුඹ පතන ලෝකයට..

මුදල්, භවභෝග සම්පත්
සැමට සම ලෙස බෙදෙන
ලෝකයක් තැනිය නොහැකිය
අරගල, සටන් අතරින්..

සමාජවාදය නම්
ඇතුළාන්ත ධර්මයකි
හැරෙනු මැන ආපසු
නුඹේ හදවත දෙසට..

සියල්ලන් සම බව
සොයාගනු එතුළින්...


10 comments:

  1. ඔව්!
    කුහුඹුවන්ට
    මී මැස්සන්ට
    ගැලපුණාට සමාජවාදය
    හරියන්නෙ නෑ එය
    මිනිසුන්ට!

    ReplyDelete
  2. අනේ මන්දා..................

    ReplyDelete
  3. ජයගත්ත, දුක්වින්ද
    ජනයාට එපාවූ

    ReplyDelete
  4. ඒ වාදෙන් නම් කමක් නෑ ආයිබෝවන්ඩ...

    ReplyDelete
  5. රතු පාට ටී ශර්ට් එකක්වත් අඳින්න බයේ හිටියා කාලයක්...

    ReplyDelete
  6. //සමාජවාදය නම්
    ඇතුළාන්ත ධර්මයකි//ඔන්න ඇත්ත කතාව

    ReplyDelete
  7. බුදු හාමුදුරුවොත් දේශනා කලේ 'සමාජවාදය'

    ReplyDelete
  8. කොයි වාදෙත් එකයි! :(

    ReplyDelete
  9. ඔව් ඇත්ත, ඒත් අරගලයක් නොකළොත් ජයක් ගන්න ලැබෙන්නෙ නෑ.නමුත් අරගලය කළ යුත්තෙ මිනිසුන්ගෙ චින්තනය වෙනස් කරන්න. ඔවුන් වෙලා ඇති කටුක බව ඔවුන්ටම පසක් කර දෙන්න.

    මේ කවිය හරියටම පරාක්‍රම කොඩිතුවක්කුගේ වගේ දාර්ශනික මට්ටමේ කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  10. ඇත්ත ඉස්සෙල්ලම තම තමන් එක්ක සටන් කරලා තමන් ට විරුද්දව තමන් ජය ගන්න ඕන..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.