Thursday 22 March 2012

අපි වෙනුවෙනුත් නැති අපි...


ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කෙරුණ යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි විරෝධය පහුගිය දිනවල ලංකාව තුළත් ඉන් පිටතත් ක්‍රියාත්මක කෙරුණු ආකාරය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.
එහෙත් ඒ විරෝධය මේ යෝජනාවලිය කියවා අවබෝධයෙන් කරන්නක්ද නැත්නම් උපන්දා සිට දේශපාලකයින්ගේ කුණු කාණුවල රසයට වහල් වන ජන්ම පුරුද්දට කරන්නක්ද යන්න දන්නේ විරෝධකරුවන්ම පමණි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන එන ලද යෝජනාවලියේ කෙටුම්පත කියවා අවබෝධ කරගන්නේනම් එම යෝජනාවලිය ඇමෙරිකාවට පළමුව ශ්‍රී ලාංකික මහජනයා විසින් රජයට බලපෑම් කල යුතු කරුණුය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් හුදෙක්ම මානව දයාවෙන් කිසිදු රටකට අත නොපොවන බව සත්‍යයකි. එහෙත් යහපාලනයක් පවතින කිසිදු ස්වාධීන රාජ්‍යයකට ඔවුන්ට අත පෙවීමේ හැකියාවක් නොමැත. මේ වන විට ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් 196 ක් පමණ ඇති නමුත් යුරෝපා සංගමයේ අත පෙවීම් වලට භාජනය වන්නේ ඒ අතරින් කිහිපයක් පමණි. බහුතර රටවල් ගැන යුරෝපා සංගමයේ රටවල් වලට කිසිදු කතාවක් නැත. එසේ අත පෙවීමට ලක්වන රටවල් කිහිපය තුළම දක්නට ලැබෙන්නේ එකම ආකාරයේ ලක්ෂණය. මානව හිමිකම් උල්ලංඝනය වීම්, නීතියේ සාධාරණත්වය සියල්ලන්ටම පොදු නොවීම, හිංසනික ක්‍රියා බහුල වීම, ආර්ථික වශයෙන් පහත් අඩියකට වැටී සිටීම ආදියයි. ඒ අනුව විදෙස් රටවල් වල බලපෑම ඉබේ එල්ල වන්නක් නොවන අතර එය අඞ ගසා ගෙන්වා ගැනීමකි.

කාළකණ්නි ස්වභාවයෙන් වියුක්තව රටක් විදියට ගොඩ නැගීමටනම් රටකට යහපාලනයක් අත්‍යාවශ්‍යවේ. ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇමෙරිකාවට හෝ බටහිරට වහසි බස් දොඩමින් තව දුරටත් කාළකණ්නි ස්වභාවයම පවත්වාගෙන යන්නේනම් මීට වඩා දැඩි අතපෙවීම් වලට භාජනය වීමට සිදුවනු නියතය. පරම්පරා ගණනක් තමන්ව සූරා කෑ වැඩවසම් නායකයින් තම විමුක්තිදායකයින් ලෙස තෝරා පත් කර ගන්නා ජනතාවක් තුළ නිරවුල් හෘද සාක්ෂියක් තිබිය නොහැක. එබැවින්ම අපේ රට තුළ ඕනෑම මැතිවරණයකින් ඉහළ මනාපයෙන් ජනතා නියෝජිතයින් බවට පත්වෙන්නේ සමාජ දූෂකයින්ය. හෘද සාක්ෂියක් නැති බහුතර ජනතාවක් කිසිදා නිවැරැදි තීන්දුවකට නොපැමිණෙනු ඇත. ඔවුන් මෙහෙයවනු ලබන්නේ සමාජ දූෂකයින් විසිනි.

කෙසේ වෙතත් හෙට වන විට ඉන්දියාවට විරුද්ධව ලිප්ටන් වට රවුමේ, කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂණ සිදු නොවුණහොත් එය අරුමයකි. කෙසේ වුවත් ජනතා හෘද සාක්ෂිය මිය ගිය රටක ඒ හරහා බඩගෝස්තර ජාතිවාදී පටු දේශපාලකයින්ගේ බඩ රස්සාවටනම් හොඳ කලක් ලබන බව හෙට අනිද්දා වන විට දැකිය හැකි වෙනු ඇත. ඔවුන්ට විසිල් ගැසීමට මිස හරි මග යන ලෙස උද්ඝෝෂණය කරන්න බහුතර ජනතාවක් හෝ විපක්ෂයක් අහලකවත් නැත.

අපි වෙනුවෙන් අපිවත් නැති කල ඇමෙරිකාව ‍හෝ බටහිරට කෙළවීම අපිට කල හැකිද?






9 comments:

  1. රජයේම එක් පාර්ශවයක් මන් මොහන් සිඅයි ඒ කාරයෙක් කියත්දි කැබිනට් ප්‍රකාශක කියන්නේ " ඉන්දියාව සමඟ සබඳතා කිසිම ලෙසකින් බිඳී යන්නේ නැහෑ " කියලා කෝකද හරි ?

    බටහිර විරෝධය අස්සට ඉන්දියානු විරෝධයකුත් දා ගත්තොත් මරුවට තියෙයි

    ReplyDelete
  2. අපි වෙනුවෙන් අපි... ඒ කාලෙ ඉවරයිනෙ බං...

    ReplyDelete
  3. යෝධයා22 March 2012 at 23:58

    @බුවාගේ සිතුවිලි
    ඔය දෙකම ඕනා... උන් අදින ඉත්තට අපිත් දෙන්නෙක් ලැහැස්ති කරල තියන්න ඕනා එකෙක් ගිහත් අනික ..

    checkmate... කරයි නේ... :D

    ReplyDelete
  4. ඇදගෙන නාගන්නවා.. ඉල්ලන් පරිප්පු කනවා ..

    ReplyDelete
  5. 1 හා දෙක වගන්ති බොහෝම මෘදුයි. හැබැයි 3 වගන්තිය භ්‍යානකයි වගේ නෙද? මේකෙන් තමයි අපිව හිරකරන්න බලන්නේ කවදහරි. හරියට මේදේ තේරුම් ගෙන උන්ට අහු නොවනතාක් කල් මේ යෝජනාවලින් කළ හැකි ලබ්බක් නැහැ. හැබැයි අපි පිස්සු නැටුවොත් වැඩේ දෙල් වෙයි. කොහොමත් මේකට තව කාලයක් යනවා. එතෙක් අපිට කාලය තිබෙනවා නිවැරදිව සිතන්න, ක්‍රියාත්මක වෙන්න. පාරෙ නටන්න දෙයක් නැහැ.

    ReplyDelete
  6. මොනව කියන්නද මන්ද ?

    ReplyDelete
  7. අපි වෙනුවෙන් අපිට අපිවත් නැති කාලෙ අපි කියල මොනව කරන්නද "කොරේ පිටට මරේ" කියන්නෙ මේ වෙලාවට. අල්ලපු අත්තෙ එකා එහෙම කලේ ඇයි කියල මුලින්ම හොයාගෙන ඒකට පිළියමක් යෙදිය යුතුයි. මොකද අල්ලපු වැටේ එකා නිසා. නැත්තම් ආයෙත් දවසක අහසින් මයිසූර් පරිප්පු එන්න ඉඩ තියනවා

    ReplyDelete
  8. නෑ බං ඔය කියන බටහිර රට වල් ඔය ලක්ශණ නැති රට වල් වලට ඕන තරම පහර දීලා තියනවා. ඔය වගවීම, මානව හිමිකම් වගේ සෙට් එක්ක් හදාගන ඉන්නේ කන්න ඕන තැනදී කබරයා තලයා කරගන්නයි. උඹ චතුස්කෝටිකය අමතක කරනවා. 1. මානව හිමිකම් නැති අත පොවන්නේ නැති. 2. මානව් හිමිකම් ඇති අත පොවන්නේ නැති 3. මානව හිමිකම් ඇති අත පොවන 4 .මානව හිමිකම් නැති අත පොවන.

    මෙතන මානව හිමිකම් ඇති නැති කියා රටවල් බෙදන්නේද අවස්තාවේ හැටියටයි. රුසියාව ඇෆ්ඝනිස්තානයේ ඉන්නා කාලයේ
    මුජහිඩීන් ගරිල්ලන් හොඳය.උන්ගැන අනුකම්පාව බේරේ, සදාම් හුඒන්ද හ්ඳය. උන්ට එපා වුන දාට මානව හිමිකම් කාඩ් එක ඇද වනසති. තමන්ට අයිති නැතු දේශ සීමාවල පරමානු බෝම්බ පුපුරවපු අය මානව හිමිකම් සුරකින්නෝය. අද වනතුරු එයට සමාවක් වත් නැත.

    මේ පත්තර වල කියන බයිලාවම මෙතන දිගහැරීම තේරුමක් නැත. අතීතයේ කාර්ය භාරය ඉටු කල පසු අනාගත්යේ නිර්ණායකයෙන් අතීතය මැනීම වැරදිය. එදා බස් එකකට නැගලා බෝම්බයක් නොකා එලියට ආපු මිනිහා, අල්ලපු සීට් එකේ ඉඳ ගන ඉන්න එකාගේ එලෝලු මල්ල පුපුරයි කියල බෙට්ට බර් වෙච්ච එකා පස්සේ ඒක නස්සන්න ක්‍රියා කල එවුන්ගෙන් වගවීම අහන්නේ කිසි දෙයක් නොකල විදියටය, මේ රටේ එහෙම කුහකයෝ අනන්තය. ඇන්ටපාරවල් හොය හොය යන එවුන් අම්ම්මා කියන නමට වැඳ වැඳ දුවති.

    යහපාලනය කියන්නේ තොරොම්බල් කරන ලද වචනයක් පමනි. එහෙම එකක් ඇති කලත් බටහිර එහෙම එකක් ඇති බවට පිලිගන්නේ උන්ට වාසිනම් පමණය. අනෙක උන්ට රටවල් 196 ගැනම ඇජෙන්ඩා ඇත, ඒත් කිර්යාත්මක කරන්නේ අවශ්‍ය ටික පමනි. දැන් දලයි ලාමා තොරොම්බල් කර විකුනා හමාරය. ඒ නිසා චීනය දැන් ඒ ගැන දොස් නො අසයි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.