Saturday 24 March 2012

අහක යන ස්තූතිය..



බොහෝ මිනිසුන්
සිය අසල්වැසියන්,
නෑ හිතවතුන් 
අභිබවා..
යමක් හිමිකරගත් පසු
ස්තූති කරයි දෙවියන්ට..

යක්ෂයා එය දකියි
සිනාසෙයි හැමවිට
මන්ද?
අනෙකාට වඩා කිසිවක්
ලබා දෙන්නේ යමෙකුට
යක්ෂයා මිස
කොහේ ඇති දෙවියන්ද?

දෙවියන්ගේ හැන්ද එකක්මය..

ස්තූති කරන්නට සුදුස්සා හට
  බෙදා ඇති පත දෙස බලනු..

12 comments:

  1. සර්ව බලධාරියා සමාජවාදියෙක් කියල මම දැනන් හිටියේ නෑනේ.

    ReplyDelete
  2. හැන්ද එකයි බෙදන ප්‍රමාණේ තමයි ගැටළුව.. බොහොම අගෙයි.. ලස්සනයි..

    ReplyDelete
  3. හැන්දෙ සයිස් එකත් වෙනස් වෙනව සමහර වෙලාවට :-)

    ReplyDelete
  4. ඒ කතාවනම් සහතික ඇත්ත..

    ReplyDelete
  5. දෙවියන්ගෙ මුවාවෙන් ඔය හැම දෙයක්ම දෙන්නෙ. ඒක ලබන්නා විනාශයේ දොරටුවට කැඳවන්නයි. හැමෝටම සමව බෙදකොට කුවුරුත් කැමති නෑ. බලන්නෙම තමන්ගෙ පතට වැඩිපුර බෙදලද කියලා. වෙනස ඒකයි.

    කොහොම වුණත් පිටස්තරයාගේ ලෝකයේ ලියැවෙ කවි හැම දාම මගේ හිත වඩාත් දාර්ශනික තලයකට කැඳවනවා. 'හිතලු"වලට වඩා මං ඒ දර්ශනයට කැමතියි.මොකද මගේ මතයත් ඒකම නිසා.
    ඒවගේ ලියලා චින්තනයේ නැවුම් හැරවුම් ලක්ෂයකින් අලුත් මාවතක් හැදෙනවට මං කැමතියි

    ReplyDelete
  6. හික්ස් :)
    අඩේ පිටස්තරයා අයියටත් හිතෙන දේවල් !!!

    ReplyDelete
  7. වෙනස් අදහසක්. ඒත් ලැබෙන තරමට වඩා, ඒ තරම තමන් තුළ ඇති කරන හැඟීම නෙවේද දේවත්වය හෝ 'යක්ෂත්වය' ඇති කරන්නෙ? :)

    ReplyDelete
  8. එ් කතාවත් හරි!

    ReplyDelete
  9. සමහරු දේවාල අයිතිකරගෙන දෙවියන්ගේ බලතල අරන් තමුන්ට විතරක් බෙදා ගන්නවානේ..

    ReplyDelete
  10. ධනවාදී යක්ෂයා.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.