Tuesday 24 April 2012

හිස් මිනිසුන් නොමැති අඩුව



මුඵ මිනිස් පැවැත්මම
භෞතික
න්‍යායික
කුණු වලින් වසාලූ
පිරුණු මිනිසුන්ගෙන්
අවැඩක්ම මිස
යහපතක් නැත තව..

හිස්ම හිස් මිනිසුන්
කෝටි ගණනක්
ඇවැසි වී ඇත
මුඵ මහත් පෘථිවිය
ජීවය ලබන්නට යළි....



8 comments:

  1. ඉන්පසු...
    උන්ගේ ඔළුගෙඩිද
    කුණු වලින් පිරී
    ලෝකය අද වගේ වෙන්නට
    තව කලක් යාවි...

    ReplyDelete
  2. පිරිසිදු මනසකින් උපදින පුංචි දරුවානේ ඔය කුණු හිතේ පුරවාගෙන වෙනස් වෙන්නෙ.

    ReplyDelete
  3. පෘථිවි දිනයට ගැලපෙන කවිය

    ReplyDelete
  4. යම් දිනෙක ඒ හිස්ම හිස් මිනිසුන්
    කලොග් යම් වැඩක්
    සිතුවොත් යම් සිතුවිල්ලක්
    ඉබාගාතේ..
    සියල්ලම වැනසී යනු ඇත.
    ඒහෙත්
    භෞතික, න්‍යායික
    සිතුවිලිවලට ඔබ්බෙන්
    මග කියා දිය හැකි
    පහන් තරුවක් අවැසිමය
    මේ පොලෝ තලයට
    ඉබාගාතේ යන
    මිනිසුන් වෙනුවෙන්ම..

    ReplyDelete
  5. හිස් මිනිස්සු ඉපදුනත් ඒ අයගෙත් ඔළුවල අර කියපු කාරණා එකතු වෙද්දි ආයෙම පරණ තත්වෙම තමයි..

    ReplyDelete
  6. සැබෑය සබඳ සැබෑය
    කුණු වලින් ඔලු නොපුරවාගත්
    හිස් මිනිසුන් අවැසිවී ඇත
    අලුතින් හිතන්නට

    ReplyDelete
  7. ඔව්
    උන් සියල්ල හිස්ය
    කුණු වලින්නම් නොව
    දැක්මෙන්ය

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.