Friday 19 March 2010

පිටු දැකීම



අපි අපේ සිත් වල
බුද්ධියෙන් සැඟව යමු
සියඵ දේ පුංචි කරවන..

විසල් ලෙස උස දැනෙන
ගිරිහිසක් වී පෙනෙන තුරු
ජීවිතය අපි ළඟම..
ළංවෙමු තව තවත්
හදවත් වලින් පමණක්..
හැඟුම්බර අරුත්පිරි
ලෝකයක් තනන්නට....

අපි අපේ සිත් වල
බුද්ධියෙන් සැඟව යමු
රඵව අබිමන් පාන.....

2 comments:

  1. බුද්ධිය එක්තරා ආකාරයකට අපේ විදීම් අඩාල කරනව. සිදුවන සියල්ල සර්ව සාධාරණයි කියල හදවතින් වදනොවී පැත්තකට වෙලා ඉන්න එක සනීපදායක වෙන්න පුලුවන්. ඒත් ඒක තුල එක්තරා ආකාරයක අන්ධභාවයක් සහ කර්කෂ හුදෙකලා බවක් මම දකිනව.

    ReplyDelete
  2. මෙකටම තමයි මමත් අනිත් අයට ආරධනා කරන්නෙ... මොකටද බුද්ධිය තවකෙනෙක් ගෙ කඳුලක් ඉස්සරාහ වච්නෙකින් උදව්වක් කරන්න බැරි.. තවත් කෙනෙකුට පිහිටක් වෙන්න බැරි... තවත් කෙනෙකුගෙ දුකක් ඉස්සරා උණුවෙන්නෙ නැති....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.