Monday 3 May 2010

ධනාත්මක චින්තනය


         ඇය මා අතැ'ර යන විට
         ඉසුරු සපිරුණු ලොවකට..
         මම බලා සිටියෙමි
         මගෙන් ඈතට ඇදෙන

         දෙතිස් කුණපය දෙස..?

13 comments:

  1. මිදි තිත්තයි කියලා කියන්නෙත් ඒකටමද මල්ලී?

    ReplyDelete
  2. කලින් නම් ඔහොම කිව්වේ නැ නේද ?
    එහෙමවත් කියල හිත හදාගන්න ;)

    ReplyDelete
  3. හක් හක් හා..
    මටත් හිතුනේ ඕකමයි රන්දිල්..

    මූගේ පැත්තට ඒකි එනකොට, පේන්න ඇත්තේ දිව්‍යාංගනාවියක් වගේ.. දැන් තමා ඔහොම පේන්නේ..

    ReplyDelete
  4. හික් හික් මටත් අර Randil ට ඇතිවෙච්ච ප්‍රශ්නෙම ඇති උනා :) හී හී

    ReplyDelete
  5. උඹේ නිර්මාණ වලට නියමයි කියලම ඇතිවෙලා මට..හෙහෙ.
    වචන ස්වල්පයකින් ලියඋනත් දිගහැරිල එදිදි ලොකු වියමනක් වෙනව මේව.
    එල ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  6. මොකක් හරි කියල හිත හදා ගන්නත් ඕන නේ නේද?

    ReplyDelete
  7. දයා විරහිත කලකිරීම..? ඒ තමයි ආශාවේ දිග පලල. එබෙන්න ඔබේ ඇතුලු හදට. සොයන්න දයාවද ඉවසීමද. මේ හා කලතන්න ඔබේ ඔය ආශාව. එවිට ඉපදෙනු ඇත ඔබ පතන ආදරය.

    ReplyDelete
  8. හික්...මටත් අර රන්දිල් අක්කා අහපුදේ අහන්න හිතුනා....

    ලග ඉද්දී ඔහොම දැනුනේ නෑනෙ නේද ?

    ReplyDelete
  9. මගේ පුද්ගලිකත්වයට සම්බන්ධ දේවල් නෙවෙයි ගොඩක් වෙලාවට ලියන්නෙ. ඒත් මං දකින විදිය වෙන්න පුඵවන්.
    ඔයාලත් මගේ වයසට එද්දි අත්දැකීම් ගොඩක් ලැබුවොත් අද දකිනවට වඩා වෙනස් විදියට හැමදේම දකියි.

    ReplyDelete
  10. මේක සංකල්පනාවක් විතරක් උනත්...අන්තර්ගතය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ.

    මං නම් දාලා ගිය, නොලැබුනු දේවල් වලට තාමත් ආදරෙයි.

    මේවා වැලඳ ගනිද්දිම , මම දන්නවා, ඒ සියල්ලම කවදා හෝ වෙනස් වෙනවා කියන එක.ඒ කාරණාව මටත් පොදුයි.

    මේ සියල්ලම අනිත්‍යයි. අනේ මන්දා මේ..මට හිතෙන හැටි.

    ReplyDelete
  11. උපරිමයි සහෝ... හැමදාම වගේ වචන නාස්ති නොකර කිවයුතු සියල්ලම කියලා....

    ReplyDelete
  12. හිත හදා ගැනීමේ කලාව.....අන්තිම පේලියේ තියෙන ප්‍රශ්නාර්ථ ලකුණින් මුලු කවියම වෙනස් කරනවනෙ. මාරයි.. නරියා දන්නව මිදි රසයි කියලා :)
    ඇත්තටම ලස්සන කවියක්....!!!

    ReplyDelete
  13. මේක නම් කියලා වැඩක් නෑ, පට්ටයි !

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.