Tuesday 11 May 2010

රූපාන්තරණය



දිනෙක මම
මස් වැදැල්ලකට වැද
එහි හිමිකරුව
එය ලොකු මහත් වනු
බලා සිටියෙමි....

දැන් එය රොබෝවකි
සම් මස් ඇට වලින්
නිර්මිතව ඇති සොඳ
ලෝකයට ඇවැසි ලෙස
ක්‍රියාවේ යෙදෙන..

6 comments:

  1. හරිම අපූරු පද ගැලපුමක්. අපි කාටත් වෙන්නෙ ඔය ටික නෙ. ශරීරය අපේ උනාට මොකද ඒක හසුරු වන්නෙ වෙන අයගෙ උවමනාවන්ට අනුව. සමාජ විද්ද්‍යාඥයින්ට අනුව නම් "සමාජානුයෝජනය" කියල කිව්ව හැකි.

    ReplyDelete
  2. මැණික්(සුළඟ)11 May 2010 at 09:29

    "මස් වැදැල්ලකට වැද", ඔව් එලෙස තනමු අපි සංසාර මංදිර, භවයෙන් භවයට. එසේම එම මංදිර තැනෙන්නේද ලෝකයට ඇවැසි ලෙස ක්‍රියාවේ යොදවන්නට මිස වෙන කුමකටද?

    ReplyDelete
  3. ඔව්...මිනිසත් බව ලබපු අපි හැමෝටම උරුම දෙය. ශරීරයක් තුල ඉන්න අපිව පාලනය කරන්නේ සමාජය...නැත්තම් අනිත් අය.

    ReplyDelete
  4. අනෙක් සතුන් තමන්ගේ සඟයන්ව රෝබෝවරු කරන්න උත්සහ කරන්නේ නැහැ. මේ මනුසතා තමයි ඒකටත් එක්ක.

    ReplyDelete
  5. ලෝකයට අවැසි ලෙස
    වැඩ නොකලොත් එය
    ලෝකයම එය අවනත
    කරගන්න තැත් කරයි
    එයද බැරිවුනු විට
    තලා පෙලා හපකර
    විසිකර දමයි

    අපූරු කවියක්.....!!!

    ReplyDelete
  6. ඉසිඹුව, මැණික්,දිල්, රන්දිල්,චමිල
    ඔබලාගේ වටිනා අදහස් වලට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.