Wednesday 19 May 2010

සාධාරණව වහිනු මැන



කලබලේ ලොකු මහත්වී
ඇයි මේ වියරු ලෙස
ඇද හැලෙන්නේ
අනුකම්පා විරහිතව
මහ වැස්ස ඔබ.....

හැම වාරෙම වගේ
මිටි තැන්වල අපේ
පුංචිම නිවෙස් විතරයි
   ඔබ අදත් දකින්නේ...

මේ වරත් යන්න ඔබ
ආපසු එන විටෙක
ඔය මහත් වියරුවට
 උස් තැන්ද බිලි ගන්න...

9 comments:

  1. "සාධාරණව වහිනු මැන" හ්ම්ම්ම්.. මේකනම් ඇත්ත.ලස්සනයි

    ReplyDelete
  2. වැස්ස නැති කාලෙට අව්වේ අරුම දැනේ
    වැස්ස ඇති කාලෙට වැස්සේ තරම දැනේ
    අපට දැනෙන දේ ලොක්කන් හට නොදැනේ
    අනේ මොවුන්ටත් ඉර හඳ පායනවානේ

    ReplyDelete
  3. වැඩියෙන්ම බැනුම් අහන්නේ වැස්සයි අම්මයි කියනවනේ

    ReplyDelete
  4. හැබයි ගොයියො කුරුඳුවත්තයි රාජගිරියත් යටවෙලා, ඇයි අනේ පාර්ලිමේන්තුවත් යටවෙලානේ

    ReplyDelete
  5. ම්හ් ........ වැඩියෙන්ම බැනුම් අහන්නේ අහසයි අම්මයි..
    වැරුද්ද අහසෙවත් , වැස්සෙවත් නෙමෙයි...
    අපේමයි....

    ReplyDelete
  6. සොබා දම් මවගේ
    සමතුලිත බව බිදලන්න
    උර දුන්නු සැවොම අද බිලිගන්න
    සිතා මම වැටෙන්නෙමි
    මහ පොළොව සිඹ වියරුවෙන්......

    ReplyDelete
  7. මැණික්(සුළඟ)20 May 2010 at 08:11

    වැඩියෙන්ම බැනුම් අහන්නේ වැස්සයි අම්මයි බව ඇත්ත. කොහොම වුනත් ස්වභාව ධර්මය සර්ව සාධාරණයි. උස් මිටිකම් බලන්නේ නැහැ. ඒත් හැමදාම තැලෙන පුංචි අයට වෙනදේ ගැන නම් දුකයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  8. මැණික්(සුළඟ)20 May 2010 at 08:14

    වැඩියෙන්ම බැනුම් අහන්නේ වැස්සයි අම්මයි බව ඇත්ත. කොහොම වුනත් ස්වභාව ධර්මය සර්ව සාධාරණයි. උස් මිටිකම් බලන්නේ නැහැ. ඒත් හැමදාම තැලෙන පුංචි අයට වෙනදේ ගැන නම් දුකයි.

    ReplyDelete
  9. මේ පාරනම් උස තැන් වලිනුත් ගලාගෙන ගිහින් තියෙනවා. පේන්නෙ නැද්ද කොළඹ සුපිරි ගෙවල් අස්සෙත් මඩ වතුර

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.