Tuesday 31 May 2011

කටුනායක පව්කාරයෝ..


සද්භාවයෙන් දුන්නම
ගන්න බැරි පැන්ෂන්
කණ පළල දෙන්නද
තොපි අපිට කියන්නේ..

පොකැට්ටුව හිඳුණ කල
තොපි වගේ බොල  අපිත්
හිඟා කෑ යුතු බවද
තොපි අපිට කියන්නේ..

ඉරිසියාකාරයෝ...

සල්ලි නැති ක‍ලට බොල
කොහොමදැයි කියාපිය
ලෝකය  පුරා රටවල
අපි කරක් ගහන්නේ..

අපේ පොඩි පැටවුන්ට
රට රාජ්ජ දැකගන්න
ඒවගෙම උගන්වල
උන්ට හොඳ රටකින්ම
ගේ දොරක් හදන්නට
අපි විඳින දුක දන්නෙ
අපිම විතරයි බොලව්..

අපේ ලොකු කොලුවන්ට
මොන්ටෙරෝ එකක්වත්
අරන් දෙනු බැරි කලෙක
අපිත් මොන අප්පලද
උන්ට සතුටින් ඉන්න
නයිට් ක්ලබ් යන්නවත්
ලක්ෂයක් දෙකක් හවසට
දෙන්න බැරිනම් බොලව් 
අපිත් මොන අප්පලද..

දැනගනිව් අපි
සංවේදි 
අප්පලා 
අම්මලා..

පෙර ආත්මෙත් තොපි
ඉරිසියාකාරයෝ 
ඒ නිසයි අද බොලව්
තොපි මෙහෙම
දුක් විඳල මැරෙන්නේ..

අද කරන දේ නිසා
මතු ජාති ජාතියෙත්
තොපිට මේ සෙතේමයි
ඉරිසියාකාරයෝ..
  
පව්කාරයෝ....

 

35 comments:

  1. " හරිම සංවේදි " මාතෘකාවක් නේ සහෝදරයා අද ලියන්න අරං තියෙන්නේ. මෙච්චර සද් භාවයෙන් අසරණ සේවකයන් වෙනුවෙන් හිතේ ඇතිවුනු අප්‍රමාන සෙනෙහසින් දෙන විශ්‍රාමේ ගන්නවත් මුං පිං කරලා නෑනේ.

    ඇත්තමයි...හොදින් කිව්වම මේක ගන්න කියලා අහන්නේ නැත්නම්..බැටන් ප්‍රහාර..කදුලු ගෑස්..ටී.56න් අහසට වෙඩ් තියලා..ගල් මුගුරු බැටන් ප්‍රහාර වලින් ඔලු පලලා හරි, මේක දෙන්න ඕන.

    කොහොමටත් අපි කරපුවයි රගේ/අගේ මුංට තේරෙන්නේ තව අවුරුදු 5ක් 6ක් ගියාමනේ.
    අනේ මෙහෙමත් පව් කාරයෝ........

    ReplyDelete
  2. මේ සිදුවීම දෙස බලා නිහඬව ඉන්න අපි අනුන්ගේ පානෙන් එළිය බලන ජාතියක්. අපිත් ඔය කියන වලේ වැටෙන්න යන ඈයෝ වෙලත් හරි උඹලා මැරිලා හරි ඕක හදාගනියව්! අපිට තියෙන්නේ ඊට පස්සේ ඒකේ ප්‍රතිලාභ ගන්නනේ කියන සිතුවිල්ලෙන් ඉන්න මහා රජා ජාතියක්......

    ReplyDelete
  3. මේ ගැන දෙයක් කියන්න මම කැමති නෑ... මම මේ රටේ ජනතාවගෙ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගෙන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්...මේ මොනාද වෙන්නේ කියන එක මට තාම හිතා ගන්න බෑ....

    ReplyDelete
  4. රන්දිකා කියන කතාව හරි ඒත් වැඩේ කියන්නේ රන්දිකා ඕක අපිට තේරෙනවා. අපි ඒක ලියනවා. ඒත් අපි මුකුත් කරන්නේ නැති එක. මරු ලොක්කා..

    ReplyDelete
  5. ඇයි අපි අපේ අකමැත්ත ෆේස්බුක් එක හරහා තමන්ගේ බ්ලොග් එක හරහා වත් පිට නොකරන්නේ??

    අපිට කෙලවෙයි කියන බයට . .

    කටුනායක උන් කෙලෝගෙන වැඩේ ගොඩ ගියාම උන්ට පින්සිද්ද වෙන්න අපිත් ගොඩ.

    හිතින් උන්ට පින් දීලා පැත්තකට උනාම හිතට ශේප්.

    ගඟක් හදෙන්නේ වතුර බින්දුව බින්දුව එකතු වෙලා නම් . .

    තමනුත් මේකට අකමැති නම් අනිත් අකමති එකෙක්ට හිතට ෆිට් එකක් වෙන්න වත් ප්‍රසිද්දියේ තමන්ගේ අකමැත්ත පෙන්නන්නේ නැත්තේ ඇයි??

    ReplyDelete
  6. ඇත්තටම ඔය කරන්න හදන පැන්ෂන් වැඩේ වැරදි වැඩක් ද? වෙන්නෙ මොකක් ද කියල හරියටම දන්නෙ නැති නිසයි අහන්නේ...

    http://www.youtube.com/watch?v=y8mAn_oHobU&feature=player_embedded

    ඔය වීඩියෝව බැලුවහම නම් හිතෙන්නෙ මොකක් හරි අවුලක් තියෙනව කියල හැබැයි අවුල මොකක් ද කියල තේරෙන්නෙ නෑ මට නම්..

    .ඊ.පී.එෆ්,ඊ.ටී.එෆ් වගේ දේවල් මුලින්ම ඉදිරිපත් කරනකොටත් මෙහෙම දේවල් වුණා ද දන්නෑ නේ...

    ReplyDelete
  7. පැතුම්...පැතුම්....

    ReplyDelete
  8. කථාව ඈත්ත. ආර්ටිකල් එක මරු.
    මේ සීන් එක අපි කාටත් ක්ලික් වෙන්න ඕන. එක නාළිකාවක ගියා මේ නිවුස් එක.250ට අධික තුවාල කරැවන් ඉන් 18ක් පමණ පොලිස් නිළධාරීන් කියල. තව නාළිකාවක මේ ප්‍රවෘතියම ගියා පොලිස් නිළධාරීන් 18කට අධික සංඛ්‍යාවකට තුවාල කියල. ඒකෙ අර 240ක් විතර නෑ. ඈත්තටම මේ පනතෙන් වෙන්නෙ මොකක්ද කියන එක හරියටම ක්ලික් නෑ. හැබැයි කටුනායක වෙළද කාලාපයේ මේම වෙද්දි අපි ඉන්නෙ කොතද කියන එක අපිට බලන්න වටිනව.

    ReplyDelete
  9. එළ.. මාත් එකක් ලියනව.. හිතට ඇල්ලුවොත් දානවා..

    ReplyDelete
  10. 2010 මහ බැංකු වාර්ථාවට අනුව විදේශ රැකියාවල නියුක්ත වූවන්ගෙ සංඛාව 266,445 ක් ලු.ඒ අය විසින් උපයාගෙන ලංකාවට එවන ලද මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 4.1 ක් පමණ වෙනවාලු.ඉතින් ආර්ථික සංවර්ධණයට එතරම් දායකත්වයක් දෙන ලාංකීක ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් දීම අසාධාරණ නෑ.
    ඒත් ඒ සඳහා යොදා ගන්න යන්නෙ අර්ථසාදක අරමුදලේ මුදල් නම්......ඒක අසාධාරණ දෙයක්...

    හැබැයි තව පැත්තකින්...ජාතික අර්ථසාධක අරමුදලට දායක වන්නන් අතර පෞද්ගලික අංශයේ රැකියා වෘත්තිකයිනුත් දායක වෙනවනෙ.ජාතික සංවර්ධනයට දායක වන කොයි යම් ශ්‍රමිකයෙක් හෝ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගැනීමේ අයිතියක් තියෙනවා කියලයි මට හිතෙන්නේ....

    ReplyDelete
  11. මට නං හිතෙන්නේ අපිට තරු පේන්නත් එක්ක ආණ්ඩුවෙන් කියන්න ඕනේ කටුනායක කට්ටියට පෙන්ෂන් දෙන්නේ නැහැ පෙර පරිදිම ඊපි ඒෆ් සහ ඊටී එෆ්...... අනිත් උන්දැලාට පෙන්ෂන් කියලා..........

    ReplyDelete
  12. to RanDil

    එහෙම කතාවක් ගාමිණි මහත්තය කීවනේ.

    ReplyDelete
  13. @ හූනා,

    කවුද ගාමිණි මහත්තයා?

    ReplyDelete
  14. කාලෙකින් ලංකාවේ කට්ටියක් එකමුතු වෙලා වැඩක් කරා දැක්කා. උන්ගෙ යටි අරමුණු නැතිව ඈති කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  15. නියමයි ‍ස‍හෝදරයා...

    ReplyDelete
  16. මට නම් තියෙන ප්‍රශ්නේ තමයි ඔය කෑ ගහන්නේ ඇත්තටම මෙතන තියෙන අවුල තේරුම් ගත්ත අසරණ මිනිස්සු ම ද කියන එක. මොක ද ගොඩක් වෙලාවට මිනිස්සු කෑ ගහන්නේ වෙන අයගේ අරමුණු වෙනුවෙන් නිසා...

    අපි(බ්ලොග් ලියන්න හැකියාව සහ පහසුකම් තියෙන අය) කෑ නොගහ ඉන්නෙ අපිට අවුල තේරෙන්නෙ නැති නිසා ද? අපි වලි බර නැති නිසා ද? අපි දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න නිසා ද? අපිට පොදු ජනතාවට තරම් ප්‍රශ්න නැති නිසා ද? අපිට ඔය පඩියෙන් තව පොඩ්ඩක් කැපෙන එක ඒ හැටි ගානක් නැති නිසා ද? මම නම් කෑනොගහ ඉන්නේ ඔය ඔක්කොම නිසා.

    ReplyDelete
  17. නියමයි සහෝදරයා... කියන්න වචන නෑ... කලාපේ අහිංසක සහෝදර සහෝදරියෝන්ගේ කරපිටින් ගොඩයන්න බලන් හිටපු හැමෝටම දැන් කෙලවෙලා තියෙන්නේ... ලබ්බට තියපු අත පුහුලටත් තියන්න කලින් හැමෝම එකතු උනා නම් තමයි හොද..

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මේ ගැන දැනුවත් වෙන්න පුලුවන් හැම දාම නිව්ස් අහනවනම්.

    සේ.අ.අරමුදලෙ අවසන් ශේෂයෙන් - 2%
    සේ.නි.භා.අරමුදලේ අවසන් ශේෂයෙන් - 2%
    පාරිතෝෂික දීමනාවෙන් - 10%
    සේවකයාගේ වැටුපෙන් - 2%
    සේව්‍යාගෙන් - 2%

    මෙන්න මෙහෙමයිලු කපා ගැනීම්.

    ඒ වගේම අනිවාර්‍යෙන්ම වසර 10 ක් විශ්‍රාම වැටුපට දායක විය යුතුයි.
    හැබැයි කවර හෝ හේතුවක් නිසා වසර 10ට පෙර රැකියාවෙන් ඉවත් වන්නට සිදු වුවහොත්
    කපා ගත් මුදලෙන් සතයක් වත් සේවකයාට ලැබෙන්නේ නැත.

    ඒවගේම විශ්‍රාම වැටුප හිමි වන්නේ අවුරුදු 60න් පසුවයි.නමුත් පුද්ගලික අංශයේ විශ්‍රාම යා යුතු වයස් සීමාව - ගැහැනු - 50
    පිරිමි - 55
    එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය.

    එසේම විශ්‍රාමිකයා මියගිය විට බිරිදට හෝ දරුවන්ට එම මුදල ලැබීමද අවිනිශ්චිතය.

    මෙහි සදහන් කලේ කරුනු කීපයකි.
    විසදා ගත යුතු තවත් බොහෝ ගැටලුකාරී තැන් රැසකි.

    යම් විටක සේවකයෙකු විශ්‍රාම වැටුපක් එපා යයි පවසනවානම් පැහැදිලියම විය යුත්තේ එය තඹේකට මායිම් නොකර සිටීම නොව.. ඊට හේතු විමසා බැලීමයි.

    එබැවින් යොජිත විශ්‍රාම වැටුපෙහි විනිවිද භාවය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කොට සියලු දෙනාගේ අදහස් විමසා බලා සිදුවිය යුතු වෙනස් කම් සිදු කොට ...කඩි ගායකින් තොරව පාර්ලිමේන්තුවට පනතක් ලෙස ගෙන විත් සම්මත කර ගැනිම්ට වගකිව යුත්තන් සුදානම් වූයේ නම් මේ තරම් නාඩගමක් නටන්නට සිදු නොවනු ඇත.

    ReplyDelete
  20. මිනිස්සු වැඩි දෙනෙක් නිදි. වැඩිපුර රිදුනු අය යන්තමින් ඇහැරිලා. ඊයෙ පෙන්වූ රූප පෙල කිව්වේ ඇස් ඇරුන මිනිසුන්ගේ කතන්දරය.
    මැණික්

    ReplyDelete
  21. පැහැදිලි කරාට බොහෝම ස්තූතියි නිල් අහස. අවංකවම මම වැඩිය නිවුස් නම් අහන්නෙ නෑ... දැන් තමයි හරියටම තේරුම් ගත්තේ... රජා නා ගන්නයි යන්නේ...

    ReplyDelete
  22. @නිල් අහස
    පැහැදිළි කිරීමට ස්තූතියි. රජා චාටර්.

    @හූනා
    අයි.ටී.එන්. එකේ කියනව නිරායුධව හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නලු.

    ReplyDelete
  23. add ur blog www.lankeeya.info

    ReplyDelete
  24. කුලියට ඇඟ විකුණන ගැහැනිය කෙරෙහි මාතුල යම් ගෞරවයක් තියනවා. එ තියන ගෞරවය මෙ මිනිස්සුන් කෙරෙහි නැහැ.

    ReplyDelete
  25. නිරායුධ පොලීසිය මිනිසුන්ට වෙඩි තිබ්බේ අහවල් එකෙන්ද දන්නේ නෑ . . අනේ අම්මපා

    ReplyDelete
  26. METHEK KAL
    DAHADIYA,
    KADULU,
    PAMANI.
    DAN
    RUDIRAYA
    HETA......
    RIDUNU SITHA THALUM KAA GATHATA WADA KAKKUMAI
    SANNALIYEK.............

    ReplyDelete
  27. http://mohomadgepalamalla.blogspot.com/2011/05/blog-post_31.html

    ReplyDelete
  28. @ නිල් අහස,
    ඔබේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය්.

    @ පැතුම්,
    ඔබේ නිර්ව්‍යාජ ප්‍රකාශයන් අගය කරමි.

    ReplyDelete
  29. "එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය."

    They'll get EPF/ETF. Won't they? The pension is in addition to that of the EPF/ETF.

    ReplyDelete
  30. මේ ආණ්ඩුව හැමතැනම අනා ගන්නවා.එක පැත්තකින් එස්.බී.හානවා.තමන්ව රජ කරවපු අයට මෙහෙමයි ආණ්ඩුව සලකන්නේ.

    ReplyDelete
  31. Anonymous -
    මෙහෙමයි...

    විශ්‍රාම වැටුප දෙන්නේ සේවකයන්ගේ EPF, ETF, Grativity එකෙන් හා වැටුපෙන් කපලා නම්..ඒ මුදල සේවකයා විහ්‍රාම යන මොහොතෙන් පසුවම .. භාන්ඩාගාරයට සියලු මුදල් ලැබී අවසන්. එසේ නම් ඒ මුදල් වසර 60 ක් පිරෙන තුරු රදවා තබා ගැනිමට හේතුව කුමක්ද...එසේ කිරීමට ඇති අයිතිය කුමක් ද..

    රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් ගෙවන්නේ එසේ නම් ගැටලුවක් නැත.

    විශ්‍රාම වැටුප යනු සේවයෙන් ඉවත් වූ මොහොතේ සිට ලැබෙන දීමනාවක් මිස..වසර ගනන් කල් ගත කොට දිය යුත්තක් නොවේ.
    එසේ වන්නේ නම් එයට-විශ්‍රාම වැටුප-නොව වෙනත් නමක් දිය යුතුය.
    ඒ වගේම අවුරුදු 59දි ඔහු මිය ගිය හොත්...

    - They'll get EPF/ETF -
    එහෙම බැලුවෙත් EPF/ETF එක විතරක් ලැබුනොත් ඇති නේ.
    මොකද දැන් මිනිස්සුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවනේ.හුග දෙනෙක් අවුරුදු 60ක් වත් ජීවත් වෙන් නෑ.

    මේක තේරුම් ගන්න.
    කිසිම සේවකයෙක් විශ්‍රාම වැටුපකට අකමැති නෑ.
    ප්‍රශ්නේ මේකේ තියෙන ගැටලුක‍ාරී ස්වරූපයයි.
    අඩුම ගානේ කම්කරු ඇමතිටවත් සේවකයන් මේ සම්බන්ධව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ.

    ඉතිං මිනිස්සු මේ සම්බන්ධව කලබල වෙන එක අහන්න දෙයක්...ද
    සංශෝධන සහිතව සේවකයන්ට හිතකර වූ විශ්‍රාම වැටුපක් ලබා දිමයි කල යුත්තේ.

    ReplyDelete
  32. මෙහෙමත් පව්කාරයෝ

    ReplyDelete
  33. පොටෝඑක බලල මේ කවිය කියවන්ඩ ගත්තහම මට හිතුන මේ පොලීසියෙන් කියන කතාවක්ද කියල. කියවගෙන යද්දි තමයි අදහස වෙනස්වුනේ.
    වෙඩිතිබ්බ එකෙනුත් පොලිස් ලොක්කොයි අනිත් ලොක්කොයි ශේප් වෙනවා. එතනත් අන්තිමට පොලිස් පොඩ්ඩන්ට තමයි කෙලවෙන්නෙ...

    ReplyDelete
  34. @ නිල් අහස -
    ඔබට ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි මේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිළිබඳ.
    එසේම රජය විසින් සාමාන්‍යයෙන් සිහියෙන් ඉන්න ජනතාවගේ විශ්වාසය බොහෝ දේවල් වලදි නැති කරල තියෙන නිසා කරන්න යන හැමදේම ගැන සැකයක් ඇතිවීම ස්වභාවිකයි. හැම දෙයක්ම හංගල ගහන ප්‍රතිපත්තියෙන් ඉවත් වීම සදාචාරමත් රජයක් අනුගමනය කල යුතු පිළිවෙලයි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.